මුහුණට වෙනසක් එක් කරන Makeup Items

මුහුණට වෙනසක් එක් කරන Makeup Items

මුහුණට වෙනසක් එක් කරගන්න විවිධ Makeup Items භාවිතා කරන්න පුළුවන්. කාගේත් සිත් ඇඳගන්නා විදියේ මේකප් එකක් දාන්න නම්, Makeup Items රැසක් යොදාගන්න වෙනවා.

ඔයාත් මුහුණට එළියක් එක් කරන Makeup Items සොයනවාද? සිත්ගත් පෙනුමකට අවශ්‍ය කරන ඔයාට ගැළපෙන Makeup Online සොයාගන්න.

අලංකාර මේකප් එකකින්  හැඩවෙන්න නම්, Makeup tricks ගැන දැනුවත් වෙලා ඉන්න වෙනවා. කාන්තාවන් තමයි වැඩිපුරම Makeup essentials භාවිතා කරන්නේ. මේකප් එකකින් තමන් සාමාන්‍යයෙන් ඉන්න පෙනුමට වඩා ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්කම ලැබෙනවා.  පාටියකට, වෙඩින් එකකට යද්දි නම් කාන්තාවන් සැලූන් එකකට ගිහින් තමයි මේකප් දාගන්නේ. හැබැයි ඔෆිස් යද්දි,  සාමාන්‍ය ගමන් යද්දි අපිට හැමවෙලේම සැලූන්වලට යන්න බෑනේ. ඒ නිසා ඔයා නිතරම මේකප්  කරන කෙනෙක් නම් ඔයාටම කියලා මේකප් සෙට් එකක් තියාගන්න එක ප්‍රයෝජනවත් දෙයක්.

Makeup Items තෝරගනිද්දි අපිට best cosmetic brand ගැන හොයලා බලන්න වෙනවා. මේකප් එකක් දාන්නේ මුහුණට නිසා හොඳ කොලිටියේ beauty care products භාවිතා කරන එක අත්‍යවශ්‍යයි.

Beautiful makeup එකකින් හැඩවෙන්න ඔයාට තෝරගන්න පුළුවන් Cosmetic Items මොනවාද කියලා අපි බලමු.

Mascara

මේකප් එකක් දාද්දි eye makeup ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මේකප් කරද්දි ඇස් දෙක ලස්සන කරන්න තමයි මේකප් අයිටම්ස් කිහිපයක්ම පාවිච්චි කරන්නේ. eye makeup looks එකෙන් තමයි මේකප් එක හරියටම කරලා තියනවාද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඇහි බැම, ඇහැ උඩ ලස්සන කරනවා වගේම Eye Mascara එකකින් කරන්නේ ඇහි පිහාටු ලස්සන කිරීමයි.  ඔයාගේ ඇස් පිහාටු නීට් එකට හැඩකර ගන්න best mascara එකක් Makeup Items අතරට එකතු කරගන්න.

Eyeliner

ඇස් ලස්සන කරන්න පාවිච්චි කරන තවත් අයිටම් එකක් තමයි eyeliner makeup. අයි ලයිනර් එකකින් කරන්නේ ඔයාගේ ඇහැ වටා වඩාත් පැහැදිලිව රේඛාවක් ඇඳීමයි.  ඒ නිසා  eyeliner brush එකක් ඇස් මේකප් කරන්න අවශ්‍යමයි.  අයි ලයිනර් එකෙන් ඇස්වලට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. මේ අයි ලයිනර්ස් දියරමය වශයෙන් හෝ පෙන්සිල් වශයෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්. Makeup Transformation එකක් ගැන හිතනවා නම්, ඇස් ලස්සනට මේකප් කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නම වෙනවා.

Eyeshadow

අයි ලයිනර්, අයිබ්‍රෝ පෙන්සිල් පාවිච්චි කරලා ඇස් දෙක ලස්සන කරාට ඔයාගේ ඇස්වල සුන්දරත්වය තවත් වැඩි කරලා පෙන්නන්න පුළුවන් වෙන්නේ Eyeshadow සමඟයි. අපි ඇහැට උඩින් ගාණ වර්ණවලට තමයි අයි ෂැඩෝ කියන්නේ. අයි ෂැඩෝ විවිධ පාටවලින් තියනවා. ඔයාගේ ඇඳුමේ හා සමේ වර්ණය අනූව ගැළපෙන්න අයි ෂැඩෝ තෝරගන්න පුළුවන්. විවිධ වර්ගයේ පාට තියන best eyeshadow palette එකක් ගත්තාම ඔයාගේ ඇඳුමේ පාටට හරියන්න අයි ෂැඩෝ ගාලා ඔයාගේ ඇස් දෙක ලස්සනට මේකප් කරගන්න අවස්ථාව තියනවා.

Foundation

ලස්සනට මේකප් එකක් දාගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි make up foundation. මුහුණේ ළප කැළැල් තිබුණාම තරුණියන් වැඩිපුරම හිතන්නේ කැළැල් පේන්නේ නැති වෙන්න මේකප් එක දාන්නේ කොහොමද කියලායි.  ඔන්න ඒකට හරියනම මේකප් අයිටම් එක තමයි foundation. තමන්ගේ සමේ පාට අනූව තමන්ගේ මුහුණට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරගන්න පුළුවන්. liquid foundation වගේම දැන් foundation stick එකත් තියන නිසා මේක හරිම පහසුවෙන් මුහුණේ ආලේප කරන්න හැකියාව තියනවා.  ඒ නිසා තමන්ම මේකප් එක දාගන්නවා නම් ෆවුන්ඩේෂන්  එකක් ඔයාගේ ළඟම තියාගන්න.

Compact Powder

ෆවුන්ඩේෂන් එක හරියට සීසන් කරන්නේ කම්පැක්ට් පවුඩර් එකෙන්.  ඔයාගේ සමේ පැහැයට හරියන්න තමයි පවුඩර් එක තෝරගන්න ඕන. කහ, රෝස, අයිවරි වගේ විවිධ පාටවලින් Compact Powder තියනවා. කම්පැක්ඩ් පවුඩර් එකෙන් පාට ටිකක් අඩු කෙනෙක්ට වුණාත් හොඳ පැහැයක් ලබාදෙනවා. මුහුණට හොඳ එළියක් ලැබෙන්න නම් මේකප් එකට කම්පැක්ට් පවුඩර් එකක් කියන්නේ නැතුවම බැරි දෙයක්. පවුඩර් පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්නම ඕන කරුණක් තියනවා. ඒ තමයි පවුඩර් එක ගාන්න ඕන ස්වභාවික පෙනුමක් ලැබෙන විදියටයි. නැත්තම් පවුඩර් වැඩි වුණාම ඒ මේකප් එකේ කෘතිම ගතියක් එනවා. natural makeup looks එකකට ඔයා කැමති නම් ඔයාගේ සමේ ස්වභාවික පැහැයට ගැළපෙන Compact Powder තෝරගන්න එක වඩාත් සුදුසුයි.

Concealer

මුහුණට නැවුම් වෙනසක් එකතු කරන  Makeup things හොයනවා නම්, concealer එකකුත් Makeup essentials අතරට එකතු කරගන්න අමතක කරන්න එපා.  එක් එක්කෙනාගේ සමේ පැහැය එකිනෙකට වෙනස්. ඒ නිසා concealer එකක් භාවිතා කරන්න ඕන තමන්ගේ සමේ පැහැයට ගැළපෙන විදියටයි.  Cosmetic items අතර concealer palette එකක්ම තියන එක ඔයාට වඩාත් ප්‍රයෝජනවත් වෙයි නේද?  ආකර්ෂණීය මේකප් එකකින් හැඩවෙන්න නම් මේ වගේ අඩුමකුඩුම ඔයාට නැතුවම බැරි වේවි.

Blush

ඔයා මුහුණට දාන මේකප් එක තවත් ඔප් නංවා ගන්න කැමතියිද? බ්ලෂ් කිරීමෙන් මේකප් එක තවත් ඔප් නැංවෙනවා. මුහුණේ හැඩය නිවැරදිව හඳුනාගෙන තමයි බ්ලෂ් පාවිච්චි කරන්න ඕන. බ්ලෂ් කරාට පස්සේ ඔයාගේ මේකප් එක තවත් ලස්සනට පේන්න පටන් ගන්නවා. bronzer makeup ගැන හිතලා Powder & Blush – Bronze Glow අයිටම් එකත් එකතු කරගන්න.

Lipstick

Basic Makeup එකක් දාන්න අවශ්‍යම Cosmetic Item එකක් තමයි Lipstick. ගොඩාක් තරුණියන් අනිත් මේකප් ජාති භාවිතා කරේ නැතත් ලිප්ස්ටික් එකක් නම් කොහොමත් පාවිච්චි කරනවා. lip makeup කරද්දි lipstick trends ගැන ඔයා දැනුවත්ද?  ලිප්ස්ටික් විවිධ පාටවලින් තියන නිසා ඇඳුමේ හා සමේ පාටට ගැළපෙන්න ලිප්ස්ටික් තෝරගන්න පුළුවන්.  හැබැයි ගොඩාක් වෙලාවට හැම ඇඳුමකටම ගැළපෙන්න නිතරම භාවිතා කරන්නේ රතු, මෙරූන්, රෝස වගේ පාට තරුණියන් අතර ජනප්‍රියයි. නිතර ලිප්ස්ටික් පාවිච්චි කරද්දි හොඳ brand එකක ලිප්ස්ටික් එකක් තෝරගන්න ඕන. නැත්තම් තොල් කළු වෙනවා වගේම ගාන ලිප්ස්ටික් එක ඉක්මනින්ම මැකිලා යනවා. ඒ නිසා හොඳ brand එකක ලිප්ස්ටික් ඔයාගේ Beauty Items අතර තියාගන්න.

Lip Liner

ඔයා Lip makeup කරද්දි කෙලින්ම Lipstick තොල්වල ආලේප කරනවාද? ලිප්ස්ටික් විතරක් තොල්වල ආලේප කරාම ලිප්ස්ටික්වල සුන්දරත්වය වැඩිය පේන්නේ නැති වෙනවා.  ලිප්ස්ටික් ගාන්න කලින් Lip Liner එකක් භාවිතා කරලා Line එකක් වටේට අඳින එක තමයි නිවැරදිම Lip makeup ක්‍රමය. Lip Liner එකකින් තොල් දෙක වටේට නීට් විදියට ඇඳලා ලිප්ස්ටික් ගෑවාම Lip makeup එකේ සුන්දරත්වය කැපී පේනවා.

Brush Set

අලංකාර මේකප් එකකින් හැඩවෙන්න Makeup Items වගේම ඒ මේකප් හරි විදියට භාවිතා කරන්න ඊට අදාළ Brushes අවශ්‍යයි. ඔයා ගාව තියන මේකප් බඩුමුට්ටුවලට හරියන Brush Set එකක්ම ගත්තා නම් මේකප් කරන්න වඩාත් ප්‍රයෝජනවත් නේද? දැන් මේ Cosmetics online මිලදී ගන්න ලැබෙන එක ඔයාට ලොකු පහසුවක් වෙනවා.  ඔයාගේ Cosmetic bag එකේත් මේ Beauty Items තියාගත්තොත් හදිසියකදී ටක්ගාලා මේකප් එකක් දාගන්න පුළුවන්.

සිත් ඇඳගන්නා සුන්දර මේකප් එකකින් ඔයාගේ මුහුණට වෙනසක් එක් කරගන්න මේ සියලු Makeup Items Daraz වෙතින් Online තෝරගන්න. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

සම හා වරලස හැඩ කරන රූපලාවණ්‍ය සත්කාරයන් ගැන දැනගන්න සම හා කෙස් කළඹ හැඩ කරන Beauty Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php