රසවත් කෑම වේලක් හදාගන්න Easy Recipes

රසවත් කෑම වේලක් හදාගන්න Easy Recipes

කෑම වේලක් රසවත් කරගන්න විවිධ Easy Recipes යොදාගන්නවා. අලුතෙන් උයන්න පටන් ගත්ත කෙනෙක්ට නම්, Easy Recipes වඩාත් ප්‍රයෝජනවත්.

ඔයාත් රසවත් කෑම වේලක් හදාගන්න Easy Recipes ගැන හොයලා බලනවාද? මේ Easy Recipes පාවිච්චි කරලා ගෙදරට එන අමුත්තන්ටත් සංග්‍රහ කරන්න රසවත් කෑම වේලක් හදාගන්න.

ඉවුම්පිහුම් කටයුතු කරද්දි අපි කවුරුත් හිතන්නේ ලේසි විදියට උයාගන්න ක්‍රම ගැනයි. රසවත් කෑම වේලක් පහසු රෙසිපිවලින් හදාගන්න ඔයාත් කැමතියි නේද? අලුතින් විවාහා ජීවිතයකට එකතු වුණු තරුණියකට ඉවුම්පිහුම් කටයුතු කරද්දි විවිධ ගැටලු මතුවෙනවා. අලුතින් විවාහා වෙලා අලුත් නිවසකට ගියාට පස්සේ ගෙදරට අමුත්තන් එහෙම ආවාම සංග්‍රහ කරන්න රසවත් පහසු රෙසිපි දැනගෙන හිටියොත් වඩාත් වටිනවා.

සති අන්තයේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්නවා නම් විශේෂ කෑම වේලක් හදන්න හිතනවානේ. ඒ වගේම ගෙදරට අමුත්තන් කෑම වේලකට එනවා කිව්වොත් අපි කොහොමත් විශේෂ ආහාර වේලක් තමයි සකසන්නේ. ගොඩාක් කෑම ජාති හදනවා වෙනුවට විශේෂ බත් වර්ගයක්, හැමෝම කැමති ව්‍යාංජන කිහිපයක් හදලා කෑම වේල රසවත් කරගන්න පුළුවන්.

කෑම වේලක් හදද්දි අවශ්‍ය කළමනා ගණනාවක් තියනවා. Grocery Shopping ගිහින් තමයි කුස්සියට අවශ්‍ය බඩුමුට්ටු ටික අපි එකතු කරගන්නේ. දැන් විවිධ කෑම වර්ග හදාගන්න ඕන කරන කුළුබඩු ඇතුළු සියලු අවශ්‍ය ද්‍රව්‍ය Daraz Mart වෙතින් Online Order කරලා ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියනවා.

රසවත් කෑම වේලක් පිළියෙළ කරගන්න මේ පහසු රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න.

කහ බත්

හැමදාම නිකන්ම නිකන් බත් කනවට වඩා ඉඳලා හිටලා වෙනසක් කරලා රසට කහ බතක් හදමු. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කහ බතක් විශේෂ බතක් හැටියට පිළිගන්වන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1
  • පොල් ගෙඩි 1/2ක පොල් කිරි
  • කරඳමුංගු කරල් 1
  • කහ කුඩු තේ හැඳි 1
  • කරාඹුනැටි 2
  • සිහින්ව කපාගත් රතු ලූණු ගෙඩි 6
  • උම්බලකඩ තේ හැඳි 2
  • රම්පෙ කෑල්ලක්
  • කරපිංචා ඉති 1
  • කුරුඳු පොතු කෑල්ලක්
  • මාගරින් මේස හැඳි 5
  • තලාගත් අමු ඉඟුරු පෙති 1
  • තලාගත් සුදු ලූණු බික් 3
  • ලුණු කුඩු මේස හැඳි 1

    අවශ්‍ය නම් :
  • කජු
  • මුද්දරස්පලම්

සාදන ආකාරය :

1.හාල් ටික සෝදා දිය බේරෙන්න පසෙකින් තබන්න.
2. බඳුනකට මාගරින් දමා ලිපේ තබා කරපිංචා, රතු ලූණු, සුදු ලූණු, අමු ඉඳුරු හා රම්පේ දමා තැම්බීගෙන එන විට උම්බලකඩ, කුරුඳුපොතු, කරඳමුංගු, කරාඹුනැටිත් එකතු කර ලූණු දුඹුරු පැහැය වන තෙක් බැඳගන්න.
3.පොල් කිරි ටිකට කහ සහ ලුණු මිශ්‍ර කර, එයට එකතු කර කලවම් කර හැඳි ගාන්න.
4. කිරි රත් වන විට එයට හාල් දමන්න.
5. හාල් තැම්බෙන ප්‍රමාණයට කිරි මදි බව පෙනේ නම් නට වතුර ටිකක් එකතු කර අඩිය අල්ලන්න නොදී දෙතුන් වතාවක් හැඳි ගාන්න.
6. කිරි සිඳුනු පසු ලිප නිවා පිළිගන්වන තෙක් බත ලිප මතම තබා වසා තබන්න.

චිකන් කරි

සුදු බතක්, කහ බතක්, ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ ඕනම බත් වර්ගයක් එක්ක කදිමෙට ගැළපෙන දෙයක් තමයි චිකන් කරිය. හොඳට කුළුබඩු දාලා රසවත් චිකන් කරියක් හදාගන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සෝදා පිරිසිදු කර කපාගත් කටු සහිත චිකන් 400g
  • හීනියට කපාගත් ලූණු පොඩි ගෙඩියක්
  • තලාගත් ඉඟුරු, සුදු ලූණු
  • රම්පෙ, කරපිංචා
  • සේර කෑල්ලක්
  • මහදුරු ඇට තේ හැඳි 1/2, කොත්තමල්ලි ඇට තේ හැඳි 1/2
  • කරදමුංගු 2
  • කරාබුනැටි 5
  • පොඩි කුරුඳු කෑල්ලක්
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • බැදපු පහේ තේ හැඳි 1 1/2
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • ලුණු රස අනුව
  • විනාකිරි මේස හැන්දක්
  • සීනි තේ හැඳි 1/2

සාදන ක්‍රමය :

  1. මස්වලට විනාකිරි, ගම්මිරිස්, ලුණු, මිරිස්, බැඳපු පහේ ටික දාල හොඳින් අනාගෙන විනාඩි 30ක් සීසන් වෙන්න තියාගන්න. ඒ අතරතුර මහදුරු සහ කොත්තමල්ලි යන්තම් කබලේ බැඳගෙන කුඩු කරගන්න.
  2. මැටි වලඳක් රත් වෙන්න තියලා ඒකට තෙල් මේස හැඳි තුනක් එකතු කරගෙන, තෙල් ටික රත් වෙන කොට පිළිවෙලින් රම්පෙ, කරපිංචා, සේර, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු එකතු කරන්න.  ඒ ටික සුවඳ එන්න බැදෙන කොට ළූණු එක්ක ඉඟුරු සුදු ළූණු එකතු කරගෙන ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න.
  3. ඒකට සීසන් කරගත්ත චිකන් ටික එකතු කරගෙන කලවම් කරන් ලිපේ ගින්දර අඩුම කරලා පියනකින් වහලා මදගින්නේ පිසෙන්න අරින්න. විටින් විට කලවම් කරගන්න.
  4. චිකන්වල ඇති වතුර එළියට ඇවිත් චිකන් එක තැම්බෙන්න පටන් ගත්තාට පස්සෙ කබලෙ බැඳලා එකට කුඩු කරගත්ත මහදුරුයි කොත්තමල්ලියි එකතු කරලා කලවම් කරගෙන වතුර හෝ මිටි කිරි (කැමැත්ත අනුව අරගෙන) චිකන් එකෙන් භාගයක් වැහෙන ගාණට දාල මඳ ගින්දරේම හිඳෙන්න තියන්න.

පරිප්පු කරි

කොයි තරම් ව්‍යාංජන වර්ග තිබුණාත් ආහාර වේලක පරිප්පු නම් වරදින්නේ නෑ. පරිප්පු කරියක් ලේසියෙන්ම හදාගන්න විදිය අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පරිප්පු 200g (කෝප්ප 1)
  • තරමක ලොකු ළුණු ගෙඩි 1
  • පොඩියට කපා ගත් අමු මිරිස් කරල් 2
  • කරපිංචා කොල ස්වල්පයක්
  • රම්පේ කෑල්ලක්
  • කුරුඳු පොතු ස්වල්පයක්
  • පොඩියට කපා ගත් සුදු ළූනු
  • කහ කුඩු තේ හැඳි 1
  • ලුණු කුඩු රස පදමට
  • මිරිස් කුඩු රස පදමට
  • දිය පොල් කිරි කෝප්ප 1
  • උකු පොල් කිරි කෝප්ප 1

සාදන ක්‍රමය :

1. භාජනයකට තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් වූ පසු එයට සුදු ලූණු ටික දමා තරමක් රන්පැහැ වනතුරු තබන්න. එයට කරපිංචා, රම්පේ, අමු මිරිස්, කුරුඳු පොතු, ලූණු දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

2. පසුව එයට කලින් සෝදා වතුර ඉවත්කර ගත් පරිප්පු දමා කහ කුඩු, ලුණු කුඩු හා මිරිස් කුඩු පදමට දමා තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න.

3. එයට දිය පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට දමා පරිප්පු හොඳින් තැම්බෙන තුරු මද ගින්නේ පිසගන්න.

4. එයට උකු පොල් කිරි ස්වල්පයක් එකතු කර හොඳින් හැඳි ගා කිරි නටන විට ලිපෙන් ඉවත් කර ගන්න.

අල බැඳුම

රසවත් ආහාර වේලකට බොහෝදෙනෙක් එකතු කරගන්න දෙයක් තමයි අල බැඳුම. රසම රස අල බැඳමක් ඔයාගේ ආහාර වේලටත් එකතු කරගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තම්බාගත් අල ග්‍රෑම් 300
  • ලියාගත් ලූණු ගෙඩි 2
  • කෑලිමිරිස් තේ හැඳි 2
  • උම්බලකඩ කුඩු ටිකක්
  • තෙල්
  • සීනි ස්වල්පයක්
  • ලුණු
  • දෙහි යුෂ ටිකක්
  • කපාගත් අමුමිරිස් කරල් 2

සාදන ක්‍රමය :

  1. අල ටික තරමක කෑලි කපාගෙන ගැඹුරු තෙලේ බැඳගන්න. ලූණු ටිකත් රන්වන් පාට වෙනතෙක් ගැඹුරු තෙලේ බැඳගන්න.
  2. පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කෑලිමිරිස්, උම්බලකඩ හා කපාගත් අමුමිරිස් සහ සීනි එකතු කරලා රස අනුව ලුණු දාගන්න.
  3. කෑලි මිරිස් ටික යන්තම් බැදීගෙන එන කොට බැඳගත්‍ත ලූණු ටික දාල කලවම් කරන්න.
  4. එයට අල ටික එක්ක දෙහි යුෂ දාලා කලවම් කරගෙන ලිපෙන් බාගන්න.

වම්බටු මෝජු

වම්බටු මෝජුවක් ගෙදර හදන්න ගොඩක් කාන්තාවන් මැලි වෙනවා. ඒ නිසාම ගෙදර විශේෂ අවස්ථාවකදි  පමණක් පිළියෙල කරන ආහාරයක් බවට වම්බටු මෝජු පත් වෙලා. නමුත් එදිනෙදා ගෙදර සාමාන්‍ය ආහාර වේලෙ රස වැඩි කර ගන්න හරිම පහසුවෙන් රසවත් වම්බටු මෝජුවක් මේ ආකාරයට, ගෙදරදීම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • වම්බටු ග‍්‍රෑම් 500
  • රතු ලූණු ග‍්‍රෑම් 250
  • අමු මිරිස් ග‍්‍රෑම් 100
  • සුදු ලූණු බික් 4 ක්
  • අඟල් 1/2ක ඉගුරු කැබැල්ලක්
  • අබ කුඩු මේස හැදි 1 1/2
  • වියලි මිරිස් කුඩු මේස හැදි  2
  • සීනි මේස හැදි  2 (රස අනුව වෙනස් කල හැක)
  • ලුණු කුඩු රස අනුව
  • තෙල්
  • විනාකිරි මේස හැදි 4-5 (රස අනුව වෙනස් කළ හැක)

සාදන ආකාරය :

  1. වම්බටු තීරු කපා රන්වන් පාට වන තුරු බැඳගන්න.
  2. ලෙලි හැරගත් රතු ලූණු තත්පර 30 ක් පමණ බැඳගන්න.
  3. අමු මිරිස් කරල් මැදින් කුඩා පැලූමක් දමා එයද තත්පර 30ක් පමණ බැඳගන්න.
  4. දැන් වියලි මිරිස් කුඩු, අබ කුඩු, සීනි, අඹරාගත් සුදු ලූණු, අඹරාගත් ඉඟුරු, ලුණු කුඩු සහ විනාකිරි එක්කර සියල්ලම හොඳින් කවලම් කරගන්න.
  5. අවසානයේ බැඳගත් වම්බටු, රතු ලූණු සහ අමු මිරිස් මෙම මිශ‍්‍රණයට එකතු කරගෙන හොදින් කලවම් කරගන්න.

චිකන් බුරියානි

රසවත් ආහාර වේලකින් ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න හිතනවා නම් වෙනසකටත් එක්ක චිකන් බුරියානි එකක් හදාගමුද? අපි ගොඩාක් වෙලාවට අපි බුරියානි ගේන්නේ කඩෙන්. හැබැයි ගෙදරදීම බුරියනි බතක් ට්‍රයි කරලා බලමු. අලුතින් කෑම හදන්න පටන් ගත්ත කෙනෙක් විවිධ කෑම ජාති අත්හදා බල්නන කැමතියිනේ. ඒ නිසා බුරියානි වගේ කවුරුත් ආස කරන කෑම වර්ගයක් ගෙදරදීම හදලා බලන්න.

   අවශ්‍ය ද්‍රව්‍ය :

  • බාස්මති හාල් 1kg
  • චිකන් 700g
  • ගරම් මසාලා 20g
  • තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 2
  • බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 3
  • යෝගට් හෝ මීකිරි මෙශරින් කප් 1
  • මිරිස් කුඩු මේස හැඳි 2
  • සූදුරු කුඩු තේ හැන්දයි
  • කහ තේ හැන්දයි
  • අල 1kg
  • චිකන් ස්ටොක්
  • ලුණු
  • කොත්තමල්ලි කොළ
  • ගැඹුරු තෙලේ බැදගත් ළූණු කප් 1/4
  • පෙති කපාගත් තක්කාලි සහ දෙහි ගෙඩියක්
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4ක් සහ කහ කලරින් බින්දු දෙක තුනක්

සාදන ක්‍රමය :

  1. භාජනයකට වතුර දමා එයට සෝදාගත් සහල් එක් කරගෙන විනාඩි 15ක් විතර පෙගෙන්න හරින්න. පෙගෙන්න තියාගත් සහල්වලට චිකන් ස්ටොක් එක් කර බත 80%ක් පමණ ඉදෙන්නට පිසගන්න.
  2. වෙනම බඳුනක් ලිපේ තියලා ඒකට තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න දාලා ඉඟුරු, සුදුලූණු පේස්ට්, යෝගට්, ගරම් මසාලා, සූදුරු කුඩු, මිරිස් කුඩු, ලුණු, තක්කාලි පේස්ට්, චිකන් සහ කපාගත් අල එක් කර හොඳින් මිශ්‍ර කර මද ගින්නේ පිසගන්න.
  3. ගී තවරාගත් වෙනම බඳුනක් ගෙන ඒකට පිසගත් මස් සහ අල මිශ්‍රණයෙන් කොටසක් තට්ටුවක් විදියට අතුර ගන්න. ඒකට උඩින් බත් තට්ටුවක්, බැඳගත් ලූණු, කොත්තමල්ලි කොළ, දෙහි සහ තක්කාලි පෙති අතුරා එයට උඩින් ඉතිරි මස් මිශ්‍රණය නැවත අතුරා පෙර පරිදිම බත් තට්ටුවක් එක් කරගන්න.
  4. අවසානයට කහ කලරින් එක් කරගත් ෆ්‍රෙශ් මිල්ක් තැනින් තැනට ඉස, පියනකින් වසා අඩුම ගින්දරේ මිනිත්තු කීපයක් පිසගන්න.

ටූනා සැලඩ්

ආහාර වේලක් රසවත් කරගන්න වගේම දකින කෙනෙක්ට ආහාර වේල ගැන රුචිකත්වයක් ඇති කරගන්න එකතු කරගන්න දෙයක් තමයි සලාද. කෑම මේසයක සලාදයක් තිබුණාම කෑම මේසයට එළියක් එකතු වෙනවා. විවිධ අය විවිධ සැලඩ් වර්ග ආහාර වේල් අතරට එකතු කරගන්නවා.ටූනා සැලඩ් එකක් හදාගන්න හැටි අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ටූනා මාළු ටින් එකක්
  • ලූණු ගෙඩි 02ක්
  • තක්කාලි ගෙඩි 02ක්
  • පිපිඤ්ඤා ගෙඩියක්
  • සලාද කොළ මිටක්
  • මයෝනේස් සෝස් මේස හැඳි 03ක්
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක්
  • ලුණු තේ හැඳි 1/2ක්
  • දෙහි යුශ

සාදන ක්‍රමය :

  1. සලාද කොළ ලොකුවට කපාගන්න. ලොකු ලූණු, තක්කාලි සහ පිපිඤ්ඤා තරමක් ලොකුවට කොටු හැඩයට කපාගන්න.
  2. කපාගත් එළවළුවලට කෑලි හිටින්න පොඩිකරගත් ටූනා මාළු එකතු කරන්න.
  3. මයෝනේස්, දෙහි යුශ, ගම්මිරිස් සහ ලුණු එකතු කරලා හැන්දකින් කලවම් කරන්න. ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කළොත් වඩා රසවත් වේවි.
  4. මේ මිශ්‍රණය එළවළු සහ මාළුවලට මිශ්‍ර කරගන්න

මේ රසවත් රෙසිපි හදාගන්න අවශ්‍ය සියලු කළමනා Daraz Mart සමඟින් Shop කරලා මිලදී ගන්න. පහසු Online Grocery Shopping අත්දැකීමක් විඳගන්න. Daraz Mart වෙතින් විවිධ විශේෂ වට්ටම් සමඟින් Groceries අඩුම මිලට තෝරගන්න.

කෑම රසවත් කරන කුළු බඩු ගැන දැනගන්න Daraz Mart වෙතින් කෑම රසවත් කරන Essential Cooking Spices ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php