Daraz Mart සමඟින් රස ගුණ පිරි Easy Breakfast Recipes

Daraz Mart සමඟින් රස ගුණ පිරි Easy Breakfast Recipes

උදේ කෑම වේල ලේසියෙන් හදාගන්න Easy Breakfast Recipes යොදාගන්න පුළුවන්. කාලය වැඩියෙන් ඉතිරි කරගන්න Easy Breakfast Recipes උපකාරී වෙනවා.

ඔයාත් උදේ ආහාර වේලට ගැළපෙන Easy Breakfast Recipes ට්‍රයි කරලා තියනවාද? Easy Breakfast Recipes හදද්දි ගුණදායක බව ගැනත් හිතන්න ඕන.

ගොඩාක් දෙනෙක්ට උදෑසන ආහාර වේල මඟහැරෙනවා. ඒත් හරිම විදියට නම්,අපි පෝෂ්‍යදායි විදියට කන්න ඕන උදෑසන ආහාර වේලයි. ඒ නිසා breakfast recipes අතරට healthy breakfast recipes එකතු කරගන්න එක ගැන අපිට වැඩියෙන් හිතන්න වෙනවා. උදේ කෑම හදන එක නම්, ටිකක් අමාරු වැඩක්. ඒ නිසා Quick Recipes භාවිතා කරලා ඉක්මනින් කෑම හදාගන්න පුළුවන් නම් වඩාත් පහසුයි. දැන් බොහෝ කාන්තාවන් කාර්යබහුල නිසා උ‌දේට වැඩට යන්න කලින් ලේසි කෑමක් හදාගන්න තමයි බලන්නේ. පොඩ්ඩන් එහෙමත් උදේ කෑම කන්න ටිකක් අදිමදි කරන නිසා, එයාලාටත් ආස හිතෙන රෙසිපි ටිකක් Breakfast එකට හදන්න පුළුවන් නම් හොඳයි නේද?

දැන් ඔයාට අවශ්‍ය කරන Groceries පහසුවෙන්ම හොයාගන්න හොඳම තැන තමයි Daraz Mart. Daraz Mart එකේ තියන බඩුමුට්ටු එකතු කරගෙන මේ breakfast ideas ටික ට්‍රයි කරලා බලන්න.

ඕට්ස් බනානා පෑන් කේක්

ඕට්ස් කියන්නේ රයට වඩාත් පෝෂ්‍යදායි ආහාරයක්. ඕට්ස් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල ලැබෙනවා. ඕට්ස් ග්‍රෑම් 100ක ප්‍රධාන වශයෙන් කැලරි, පොටෑසියම්, යකඩ, කැල්සියම්, ශරීරයට හිතකර මේදය, මැග්නීසියම් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතයි. ඒ නිසා healthy breakfast ideas අතරට මේ වගේ කෑමක් වඩාත් ගැළපෙනවා.  කිරි ටිකක් දාලා oatmeal කනවා වෙනුවට ඕට්ස් දාලා මේ වගේ කෑමක් හැඳුවොත් කන්න ආස හිතේවි. උදේ ආහාර වේලට ලේසියෙන් හදාගන්න පුළුවන් වගේම ඇඟටත් ගුණදායක‌ නිසා පොඩ්ඩොන්ටත් මේ වගේ කෑමක් ගැළපෙනවා..

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් ඉදිච්ච ඇඹුල් කෙසෙල් ගෙඩි 2
  • ඕට්ස් මේස හැඳි 4
  • බිත්තර 1
  • කිරි කප් 1/4
  • ලුණු පින්ච් එකක්

සාදන ක්‍රමය :

  1. බිත්තර, කෙසෙල් ගෙඩි,  ඕට්ස්, කිරි, ලුණු සියල්ලම එකට එක් කොට බ්ලෙන්ඩ් කරගන්න.
  2. පෑන්කේක් එක වෙනම්ම සාදාගන්න.
  3. පෑන් කේක් එක පදමට ඝණ වැඩි නම් තව කිරි ස්වල්පයක් එකතු කරගන්න.
  4. නන්ස්ටික් පෑන් එකක දෙපැත්තම පුළුස්සාගෙන මී පැණි හෝ චොකලට් සිරප් සමඟ ආහාරයට ගන්න.

චීස් පැස්ටා

පැස්ටා ගොඩාක් දෙනෙක් කන්න කැමති කෑමක්. විවිධ විදියට අඩුමුකුඩම දාලා පැස්ටා හදාගන්න පුළුවන්. මස්, මාළු කන්නේ නැති වෙජිටේරියන් කෙනෙක්ට වුණාත් චීස් පැස්ටා එකක් ගැළපෙනවා.

 අවශ්‍ය ද්‍රව්‍ය :

  • තම්බාගත් පැස්ටා ග්‍රෑම් 300
  • බටර් මේස හැඳි 2
  • පාන්පිටි මේස හැඳි 1
  • කිරි කෝප්ප 1
  • ලුණු හා ගම්මිරිස්කුඩු , ඔරිගානෝ ස්වල්පයක්
  • මිරිස්කුඩු තේහැඳි 1
  • කෑලි මිරිස් තේ හැඳි 1
  • ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
  • ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප ½

 සාදන ක්‍රමය :

  1. පෑන් එකට බටර් දාලා මෙල්ට් වෙනකොට පාන්පිටි දාලා කැට නැතිවෙන්න හැඳි ගාන්න.
  2. කිරි ටික ටික දාලා වයිට් සෝස් එක වගේ හදාගන්න.
  3. මේකට රස අනුව ලුණු , ගම්මිරිස්කුඩු , ඔරිගානෝ , මිරිස්කුඩු හා කෑලිමිරිස් දාගන්න.
  4. චීස් ටික දාලා කලවම් කරලා මෙල්ට් උනාම පැස්ටා ටික දාගන්න.
  5. කලවම් කරලා ලිපෙන් බාගන්න.

මාමයිට් ටෝස්ට්

මාමායිට් ගුණ පිරි කෑමක්. මාමයිට් ඇඟට ශක්තියක් ගෙනෙදෙන ආහාරයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. Simple breakfast ideas ගැන හිතනවා නම්, මේ වගේ දෙයක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉස්කෝලේ යන වයසේ ළමයින්ටත් උදේ කෑමට Lunch box එකේ දාලා දෙන්න මේ වගේ කෑමක් වඩාත් පහසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති පෙති
  • මාමයිට්
  • බටර්

සාදන ක්‍රමය –

  1. පාන් පෙති අරගෙන එහි මුලින්ම බටර් ගාලා ඊට පස්සේ මාමයිට් ගාන්න.
  2. මෙසේ සකසාගත් පාන් පෙති ටෝස්ටරයෙන් ටෝස්ට් කරගන්න.
  3. මාමයිට් සමඟින් රසවත් පාන් පෙත්තක රසවිඳින්න.

එග් නූඩ්ල්ස්

Best Breakfast අතරට නූඩ්ල්ස් වගේ දෙයකුත් නියමයි. මෙන්න මේ විදියට උදේට කන්න ලේසියෙන් නූඩ්ල්ස් එකක් හදාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • නූඩ්ල්ස් පැකට් 1
  • බිත්තර 3
  • චොප්කරගත් සුදුළූණු බික් 3
  • ලියාගත් ළූණු ගෙඩි 1
  • ග්‍රේට්කරගත් කැරට් අල 1
  • ලුණු ස්වල්පයක්
  • සෝයාසෝස් මේස හැඳි 1

සාදන ක්‍රමය –

  1. වතුර භාජනයක් ලිපේ තියලා උතුරනකොට නූඩ්ල්ස් ටික දාලා තම්බගන්න. ලුණු හා තෙල් ටිකක් දාගන්න. විනාඩි 5කින් වගේ බාලා පෙරාගන්න.
  2. පෑන් එකට තෙල් ටිකක් දාලා බිත්තර ටික දාගන්න. බිත්තර හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. රස අනුව ලුණු එකතුකරන්න.
  3. ඒ ටික අයින් කරලා පෑන් එකට තව තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. ටිකකින් ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවුනාම එළවළු ටික දාලා රස අනුව ලුණු එකතු කරන්න.
  4. මේකට සෝයා සෝස් දාලා කලවම් කරන්න. අන්තිමට තම්බාගත් නූඩ්ල්ස් ටික හා බිත්තර ටික දාලා කලවම් කරගන්න.

සැමන් සැන්ඩ්විච්

සැන්ඩ්විච් කියන්නේ ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්. breakfast sandwich අතරට චීස් සැන්ඩ්විච්, සැමන් සැන්ඩිවිච්, බිත්තර සැන්ඩ්විච්, එළවළු සැන්ඩ්විච් වගේ විවිධ වර්ගයේ සැන්ඩ්විච් හදාගන්න පුළුවන්.

සාමාන්‍ය සැන්ඩ්විච් එකක් හදනකොට අපිට නැතුවම බෑනෙ සැමන්. එහෙනම් අපි බලමු උදේ කෑමට සැමන් සැන්ඩ්විච් එකක් හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පාන් ගෙඩියක්
  • කුඩා සැමන් ටින් එකක්
  • තම්බාගත් බිත්තර 2ක්
  • රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු
  • දෙහි යුෂ ස්වල්පයක්

සාදන ආකාරය –

  1. සැමන් හොඳින් පොඩි කරගෙන තම්බාගත් බිත්තරත් පොඩි කරගෙන සැමන් සමඟ හොඳින් මිශ්‍ර කරන්න.
  2. ඒකට රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු හා දෙහි යුෂ එකතු කරන්න.
  3. එහෙම හදාගත්තු මිශ්‍රණය පාන්පෙතිවල ගාලා ලස්සනට කපා ගන්න.

ඇපල් කැරමල් ස්මූති

උදෑසන ආහාර වේල සඳහා එක එක්කෙනා විවිධ කෑම වර්ග තෝරගනිද්දි ඇතැම් අය  breakfast drink පානය කරනවා. breakfast drink අතර ස්මූතීස් රසවත් වගේම ඇඟට ගුණදායක පාන වර්ගයක්. විවිධ පළතුරු යොදාගෙන ස්මූතීස් හදාගන්න පුළුවන්. ඇපල් කැරමල් ස්මූති එකක් බීලා දවස පටන් ගමුද?

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පොතු අයින් කරගත් ඇපල් ගෙඩි 2
  • මී පැණි මේස හැඳි 1
  • සීනි මේස හැඳි 2
  • ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  • කුරුඳු කුඩු තේ හැඳි1

සාදන ක්‍රමය –

  1. මුලින්ම ඇපල් ටික පොඩි කෑලිවලට කපලා සීනි හා මී පැණි දාලා ලිපේ තියන්න.
  2. ටිකකින් සීනි කැරමල් වේගෙන එනකොට ලිපෙන් බාලා බ්ලෙන්ඩර් එකට දාගන්න.
  3. මේකටම ෆ්‍රෙශ් මිල්ක්, කුරුඳු කුඩු දාලා ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.

මේ Easy breakfast ideas ටිකෙන් ඔයාගේ උදේ ආහාර වේල රසවත් කරගන්න. මෙම රෙසිපි ට්‍රයි කරලා බලන්න අවශ්‍ය සියලු කළමනා Daraz Mart එකෙන් Order කරලා ගෙදරටම ගෙන්න ගන්න.

මොක්ටේල් රෙසිපි ගැන දැනගන්න Easy Mocktails You Can Make at Home ලිපිය කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php