පිරිපුන් කෙස් කළඹකට Hair Care & Styling Products

පිරිපුන් කෙස් කළඹකට Hair Care & Styling Products

පිරිපුන් කෙස් කළඹක් සඳහා විවිධ Hair Care & Styling Products භාවිතා කරන්න දැන් අවස්ථාව තියනවා. සුන්දර වරලසක් හිමිකර ගන්න නම් Hair Care & Styling Products රැසක් අවශ්‍යයි.

ඔයාගේ කෙස් කළඹට ගැළපෙන Hair Care & Styling Products ගැන දන්නවාද? තමන්ගේ පෙනුමට අලුත් වෙනසක් එකතු කරන Hair Care & Styling Products මොනවාද කියලා අපි බලමු.

කෙස් කළඹ කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. ඒ නිසාම කෙස් කළඹක් නිසියාකාරව පවත්වාගෙන යන එක කාන්තාවන්ට තියන ලොකුම ගැටලුවක්. පිරිපුන් හා නිරෝගිමත් වරලසක් හිමිකර ගන්න නම්, hair care treatment හරි විදියට අනුගමනය කරන්න වෙනවා.  ඒ සඳහා hair care products ගණනාවක් අවශ්‍යයි. Haircare භාවිතා කරද්දි විශේෂයෙන් හොඳ කොලිටියේ නිෂ්පාදන තෝරගන්න ඕන. නැත්තම් භාවිතා කරන නිෂ්පාදන නිසා, තමන්ගේ කෙස් කළඹකට හානි වීමේ ඉඩකඩ වැඩියි. දැන් salon hair care ගෙදරදීම භාවිතා කරලා තමන්ගේ කෙස් කළඹ තමන්ටම අලංකාර කරගන්න පුළුවන්.

තමන්ගේ කෙස් කළඹ සුන්දර කරගන්න උපකාරී‌ වෙන මේ Hair Care & Styling Products ඔයාත් පාවිච්චි කරලා බලන්න.

Hair Care Products

Shampoo

Hair care routine එකක් ඔයා පවත්වාගෙන යනවා නම්, ෂැම්පු කියන්නේ අවශ්‍යම දෙයක්. shampoo for healthy hair හොයනවා නම්, තමන්ගේ කොණ්‌ඩෙට ගැළපෙන ෂැම්පු වර්ගයක් තෝරගන්න. එක එක්කෙනාගේ කොණ්ඩයේ ස්වභාවය වෙනස් නිසා, තමන්ගේ වරලසේ ස්වභාවයට ගැළපෙන ෂැම්පු එකක් එකතු කරගත්තොත් තමයි පිරිපුන් කෙස් කළඹක් හිමිවෙන්නේ.  ෂැම්පුවල අඩංගු සංඝටක නිසා කොණ්ඩය සිනිඳුව තබනවා වගේම කොණ්ඩයට ආරක්ෂාවක් ලබාදෙනවා. hair keratin treatment එකක් හැටියට Keratin Shampoo ආදියත් තෝරගන්න පුළුවන්. Hair care shampoo ගණනාවක්ම දැන් වෙළෙඳපොළේ තියන නිසා විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් ඔයාගේ කෙස් කළඹට ගැළපෙන හෙඳම ෂැම්පු එකක් තෝරගන්න අමතක කරන්න එපා.

Conditioner

ෂැම්පු එකක් භාවිතා කරනවා නම්, ඒත් සමඟම conditioning treatment නිසියාකාරව කරන්න වෙනවා. තමන් භාවිතා කරන ෂැම්පු එකේ වර්ගයෙන්ම best conditioner එකක් තෝරගන්න එක තමයි වඩාත් සුදුසු. hair conditioner භාවිතා කරන්නේ කොණ්ඩයට පෝෂණයක් හා සුසිනිඳු බවක් ලබාගන්නයි.  best conditioner for dry damaged hair හොයනවා නම්, Loreal, Tressemme, Dove වැනි වෙළෙඳ නාම ගණනාවකින් තෝරාගැනීම් කරන්න අවස්ථාව තියනවා. සුමුඳු, පිරිපුන් කෙස් කළඹකට මේ වගේ Haircare Products ඔයාට එකතු කරගන්නම වේවි.

Hair Mask

Haircare Tips අතර best shampoo and conditioner වැනි නිෂ්පාදන භාවිතා කරනවාට අමතරව Hair Mask ආදියත් දැන් වෙළෙඳපොළේ තියනවා. Healthy Hair එකක් වෙනුවෙන් ඔයාගේ කෙස් කළඹට පෝෂණයක් එක්කර ගන්න මෙවැනි නිෂ්පාදන උපකාරී වෙනවා. Hair Mask මඟින් හිසකෙස් සිනිඳු, දිලිසෙන හා සෞඛ්‍ය සම්පන්න ආකාරයට පෝෂණය කරනවා. වොෂ් කරලා කොණ්ඩය වේලුණාට පසුව Hair mask යොදන්න පුළුවන්. වියළි වගේම‌ ගොරෝසු කොණ්ඩයකටත් මෙය ගැළපෙනවා.

Hair Oil

Hair regrowth treatment අතරට hair oil treatment කිරීම හිසකෙස් වර්ධනය කරන්න හොඳ අදහසක්. දැන් කාලේ තරුණියන් තෙල් ගාන්න වැඩිය කැමති නෑ. ඒත් නිරෝගී, පිරිපුන් වරලසකට උරුමකම් කියන්න ඔයාත් කැමති නම්, හොඳ තෙල් වර්ගයක් කොණ්ඩෙට පාවිච්චි කරන්න වෙනවා. කොණ්ඩය පෝෂණය වෙන්න අවශ්‍ය විටමින් ඇතුළු සංඝටක තෙල්වල අඩංගුයි. හිසකෙස් මුල පෝෂණය කිරීම, හිස්කබල පෝෂණය කිරීම සහ කොණ්ඩයේ ඝන බව වැඩි කිරීම ආදිය Hair Oil එකක් භාවිතා කිරීමෙන් සිදුවෙනවා.

Hair Serum

තරුණියන් තමන්ගේ කෙස් කළඹ ගැන වැඩියෙන් උනන්දු වෙනවා. අලුත් Trend එකට ගැළපෙන්න විවිධ මෝස්තර කොණ්ඩයට කරාට කොණ්‌ඩෙ හරියට වැවෙන්නේ නැති වුණාම හිතට අප්සෙට් ගතියක් දැනෙනවා නේද? hair fall treatment අතරට Hair Serum එකක් භාවිතා කරන්න පුළුවන්. හිසකෙස්  ශක්තිමක් කරන්නත්, හිසකෙස් පෝෂණය කරන්නත් Hair Serum උපකාරී වෙනවා. හිස්කබලේ යම් ආසාදන තිබුණාම හිසකෙස් වර්ධනය වීම අඩු වෙනවා. ඒ නිසා එවැනි අසාදන වළක්වා ගන්න හොඳම විසඳුම Hair Serum එකක් භාවිතා කිරීමයි.

Styling Tools

Hair Dryer

තමන්ගේ කෙස් කළඹ හැඩට තියාගන්න කැමති කාන්තාවන් ගාව Hair dryer එකක් වරදින්නැතුවම තියන දෙයක්. Hair Dryer එකක් තිබුණොත් ඕනම කෙනෙකුට කොණ්ඩය බොහොම පහසුවෙන් නිසියාකාරව සකසාගන්න පුළුවන්. නාලා ආවාට පස්සේ කොණ්ඩය ඉක්මනින් වේල ගන්නත්, කොහේහරි ගමනක් යද්දි කොණ්ඩය විහිදෙන එක නවත්තලා seting කරගන්නත් Hair Dryer එක යොදාගන්නවා. ඒ නිසා කොණ්ඩය හැඩට තියාගන්න Styling Tools අතරට Hair dryer එකක් එකතු කරගන්න.

Hair Straightener

තමන්ගේ පෙනුමට අලුත් වෙනසක් එකතු කරගන්න කොණ්ඩය Straight කරන්න ගොඩාක් තරුණියන් වැඩි කැමැත්තක් දක්වනවා. ස්ටයිල් එකට ඉන්න කැමති අය අතර කොණ්ඩෙ straight කිරීම ජනප්‍රිය දෙයක්. කොහේහරි විශේෂ ගමනක් යද්දි කාන්තාවන් කොණ්ඩෙ straight එකට සකස් කරගන්නනේ සැලූන් එකට ගිහිල්ලායි. හැබැයි ඔයා ළඟ Hair straightener එකක් තිබුණොත් වෙඩින් එකකට, පාටි එකකට යද්දි ඔයාට තනියම කොණ්ඩෙ straight කරගන්න පුළුවන්.  ඒ නිසා ඔයා ගාව Hair Straightener එකක් තියාගන්න එක වඩාත් ප්‍රයෝජනවත් වේවි.

Curling Iron

ඇතැම් අය straight කොණ්ඩෙකට කැමති වුණාට තවත් අය කැමති curly කොණ්ඩයකට. කැරලි කැරලි කොණ්ඩයක් තිබුණාම ගැහැණු ළමයින්ගේ පෙනුමට cute ගතියක් එකතු වෙනවා. ඇතැම් අයට නම් උපතින්ම Curly කොණ්ඩයක් ලැබිලා තියනවා. ඔයාත් curly කොණ්ඩයකට කැමති කෙනෙක්ද? එහෙනම් curling iron එකක්  තිබුණොත් හොඳයි නේද? කොණ්ඩෙ ස්ටයිල් කරගන්න මේ වගේ දේවල් කරන්න සැලූන් යනවාට වඩා,  Styling Tools මිලදීගෙන තියාගන්න එක ඔයාට පාඩුවක් වෙන එකක් නෑ.

නිරෝගිමත් කෙස් කළඹක් සඳහා අවශ්‍ය වන මේ Hair Care products හා Styling Tools Daraz වෙතින් Online තෝරගෙන ගෙදරටම ගෙන්න ගන්න. පිරිපුන් හා හැඩකාර කෙස් කළඹකින් ඔයාගේ පෙනුමට අලුත් වෙනසක් එක්කර ගන්න.

ලස්සන මේකප් එකකට අවශ්‍ය වන Makeup Items ගැන දැනගන්න මුහුණට වෙනසක් එක් කරන Makeup Items ලිපිය කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php