සිඟිති සමට සුමුඳු සුවයක් ගෙනදෙන Best Baby Skin Care Products

සිඟිති සමට සුමුඳු සුවයක් ගෙනදෙන Best Baby Skin Care Products

සිඟිති සම රැකගන්න නම්, Best Baby Skin Care Products භාවිතා කරන්න වෙනවා. සිඟිති සම තවත් සුමුඳු වෙන්නේ Best Baby Skin Care Products සමඟයි.

ඔයාගේ ආදරණීය සිඟිත්තන්ට ගැළපෙන Best Baby Skin Care Products සොයනවාද? දැන් Best Baby Skin Care Products පහසුවෙසන්ම Daraz Mart වෙතින් සොයාගන්න.

තම සිඟිත්තන් වෙනුවෙන් දෙමාව්පියන් හැමදාමත් තෝරාගන්නේ හොඳම දේයි. කුඩා දරු පැටියාගේ රැකවරණය, සනීපාරක්ෂාව හා සුවපහසුව ගැන මවකට නිතරම සිතන්න වෙනවා. පුංචි සිඟිත්තන්ට තියන්නේ හරිම සුසිනිඳු සමක්. මේ සම තවත් මෘදු වෙන්නේ භාවිතා කරන නිෂ්පාදන අනූවයි. පුංචි දරුවන් වෙනුවෙන් Baby Products තෝරගනිද්දි කොලිටිය ගැන අපි වැඩිපුර හිතන්න අවශ්‍යයි. ළඳරු නිෂ්පාදන සඳහාම දිගු කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත් වෙළෙඳ නාම කිහිපයක්ම තියෙනවා.

පුංචි දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම දරුවන්ගේ වැඩ කටයුතුත් එක්ක හරිම කාර්යබහුල වෙනවා. ඒ නිසා Baby Care Products  Online සොයාගන්න ලැබෙනවා නම්, එය වඩාත් පහසුවක්. දැන් Daraz Mart වෙතින් සිඟිත්තන්ට අවශ්‍ය කරන සියලු Baby Essentials Online තෝරාගෙන ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

සිඟිත්තන්ගේ සමට රැකවරණයක් ගෙනදෙන Best Baby Skin Care Products මොනවාද කියලා අපි බලමු.

Baby Talc

සිඟිත්තන්ගේ Skin Care Products අතර Talc භාවිතා කිරීම ආරක්ෂිත බව පර්යේෂණවලින් පවා අනාවරණය වී තිබෙනවා. ළඳරු සම තවත් සුමුඳු කරන්න Talc උපකාරී වෙනවා. උණුසුම් දේශගුණික තවත්වය නිසා පුංචි දරුවන්ගේ සමේ දාඩිය බිබිළි ආදිය මතුවීමේ ඉඩකඩ වැඩියි. ඒවා වළක්වාගන්න Talc ආලේප කරන්න පුළුවන්. පුංචි බබාලාව නාවලා ගෙනවාට පසුව Talc ආලේප කරාම සම තවත් සුසිනිඳු වෙනවා. ඒ නිසා සම ආරක්ෂා කරන්නත් පුංචි සිඟිත්තන්ව පිරිසිදුව තියන්නත් Talc ආදිය තෝරගන්න.

Baby Soap

බේබි සබන් කියන්නේ, New born baby products අතරට නොවදරවාම එකතු වෙන දෙයක්. ළඳරු නිෂ්පාදන අම්මලා හොයන්න පටන් ගන්නේ දරු පැටියා කුසට ආපු දවසේ ඉඳන්මයි. දරුවාගේ ආරක්ෂාව, සුවපහසුව ගැන විශේෂ අවධානයක් යොමු කරලා හොඳම Baby Care Products තෝරාගන්න තමයි කවුරුත් බලන්නේ. මල් පෙත්තක් වගේ මුදු, සුමුදු සිඟිත්තන්ගේ සම රැකගන්න ළඳරු සමට හිතකර බේබි සබන් වර්ගයක් තෝරා ගැනීම මවකගේ වගකීමක්. බිළිඳු සම විෂබීජවලින් ආරක්ෂා කරලා මෘදු බව හා තෙතමනය රැක ගැනීමට බේබි සබන් උපකාරී වෙනවා.  බිළිඳු සමට ගැළපෙන ස්වභාවික ශාකසාරයන්ගෙන් සමන්විත විශ්වාසනීය වෙළෙඳ නාම සහිත සබන් වර්ග Daraz Mart වෙතින් දැන් තෝරාගැනීමේ අවස්ථාව තියනවා.

Baby Cologne

පුංචි දරු පැටියන්ව සුවපහසුවට ලස්සනට තියන්න ඕන වගේම සුවඳවත්ව තියන්නත් එපැයි. පුංචි දරුවන් ගාව කොහොමත් කිරි සුවඳ එනවා. ඉතිං එහෙම සුවඳ පුංචි බබාලාව තවත් සුවඳවත් කරන්න පුළුවන් Baby Cologne ටිකක් දාලා. ඇඟ සෝදවලා, නාවලා ගෙනාවාට පස්සේ Baby Cologne ටිකක් දැම්මාම බබාගේ සුවඳ තවත් වැඩි වෙනවා. Baby Cologne දරුවන්ගේ සමටත් හිතකර නිසා ඔයාගේ පුංචි දරු පැටියාට වඩාත් සුවඳවත් Cologne එකක් තෝරගන්න.  නාවලා ගෙනවාට පස්සේ Cologne ටිකක් දාලා ඔයාගේ පුංචි බබාව සුවඳවත්ව තියමු නේද?

Baby Cream

සිඟිත්තන්ගේ සම කොහොමත් හරිම සිනිඳුයි. ක්‍රීම් ජාති ගෑවාම ඔවුන්ව තවත් සුමුදුව තියන්න පුළුවන් . පුංචි දරුවන්ගේ සම හරිම සංවේදී නිසා ඔවුන්ගේ සමට හිතකර බේබි ක්‍රීම් තෝරාගන්න සිදු වෙනවා. හිරු එළිය, උණුසුම නිසා ඔවුන්ගේ සම වියලුණොත් දරු පැටියාගේ සමට අපහසුතාවයක් දැනෙනවා. ඒ නිසා තමයි පුංචි දරුවන්ව නාවලා ඉවර වුණාට පස්සේ ක්‍රීම් ජාති ඇඟ පුරාම ආලේප කරන්නේ. බාබාට අහිතකර කිසිඳු අමුද්‍රව්‍යක් අඩංගු නැති ආරක්ෂිත වෙළෙඳ සන්නාම ලෙස දිගු කාලයක් විශ්වාසය දිනා තියෙන Baby Cheramy, Pears Baby, Johnsons, Kohomba Baby යන වෙළෙඳ නාම සහිත බේබි ක්‍රීම්  Baby Skin Care අතරට එකතු කරගන්න.

Baby Lotion

Baby Lotion කියන්නේ බේබි ක්‍රීම් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් ආලේපනයක්.  ඔයාගේ පුංචි සිඟිත්තා වෙනුවෙන් Best Baby Lotion හොයනවා නම්, දැන් තෝරාගැනීම් රැසක් වෙළෙඳපොළේ පවතිනවා. Baby Lotion දරුවන්ගේ සමේ පහසුවෙන් ආලේප කරන්න පුළුවන්.  සම වේලීම වළක්වන්න බේබි ක්‍රීම් වගේම Baby Lotion ප්‍රයෝජනවත් වෙනවා.  මෙවැනි Skin Care Products භාවිතා කිරීම මඟින් බිළිඳු සමට රැකවරණයක් ගෙනදෙනවා.

Baby Shampoo

Kids Bath & Shower Products අතරට Baby shampoo ආදිය එක්කර ගන්න පුළුවන්. ළඳරුවෙක්ගේ හිසකෙස් වර්ධනය වෙන්න පටන් ගත්තාට පසුව ඔවුන්ව නාවද්දි Baby Shampoo භාවිතා කිරීම වඩාත් සුදුසුයි. කුඩා දරුවන්ගේ හිසකෙස් පිරිසිදුව තියන්න බේබි ෂැම්පු උපකාරී වෙනවා.  පුංචි දරුවන් වෙනුවෙන් ෂැම්පු තෝරගනිද්දි හානිකර ද්‍රව්‍ය අඩංගු නැති ඔවුන්ගේ සමට හිතකර බේබි ෂැම්පු තෝරාගන්නත් අමතක කරන්න එපා.

Baby Wash

ගොඩාක් වෙලාවට පුංචි බබාලාව හෝදවන්නේ බේබි සබන් ගාලායි. Baby Wash කියන්නේ බේබි සබන් වෙනුවට භාවිතා කරන්න පුළුවන් තවත් නිෂ්පාදනයක්. Baby Wash භාවිතා කරලා මවකට හරිම පහසුවෙන් පුංචි සිඟිත්තන්ව හෝදවන්න පුළුවන්. පුංචි බබාලා දවස පුරා දඟ කරන නිසා Baby Wash ගාලා ඔවුන්ව හේදුවාම විෂබීජ ආදියත් ඉවත් වෙලා පිරිසිදු වෙනවා.

Baby Oil

පුංචි දරුවෙකුගේ ලස්සන තවත් වැඩි කරන දෙයක් තමයි පුංචි බබාලාගේ කොණ්ඩය.සමහර සිඟිත්තන්ගේ කොණ්ඩය කුඩා කාලයේ ඉඳන්ම ලස්සනට වැවිලා තියනවා. පුංචි අවධියේ ඉඳන්ම කොණ්ඩයට නිසි පෝෂණයක් ලැබුණොත් තමයි ලොකු වුණාමත් කොණ්ඩය හොඳට තියන්නේ. ඒ නිසා කුඩා කාලයේ ඉඳන් දරු පැටියාගේ කොණ්ඩයට පෝෂණයක් ලබාදෙන්න ඕන. ළඳරු කොණ්ඩය මෘදුව වැවෙන්න සුමුදු සුවඳක් සහිත තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. Baby Skin Care සමඟින් Baby Hair Care Products ඔයාගේ සිඟිත්තා වෙනුවෙන් එක්කරගෙන තියාගන්න.

සිඟිත්තන්ගේ සමට රැකවරණයක් ගෙනදෙන මේ සියලු Baby Skin Care Products Daraz Mart වෙතින් තෝරගන්න දැන්ම Shop කරන්න.

ළඳරුවන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක නිෂ්පාදන ගැන දැනගන්න Must-Have Baby Products For Baby’s Hygiene ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php