ජුලි මාසයේ Grocery List Essentials එකවරම Stock කරගන්න

ජුලි මාසයේ Grocery List Essentials එකවරම Stock කරගන්න

නිවසක එදිනෙදා කටයුතු සඳහා Grocery List Essentials රැසක් අවශ්‍ය වෙනවා. මාසෙටම අවශ්‍ය Grocery List Essentials එකවරම එකතු කරගන්න පුළුවන් නම් වඩාත් පහසුයි.

ජූලි මාසයටම අවශ්‍ය Grocery List Essentials එකවරම Stock කරගන්න ඔයාත් කැමතිද? Daraz Mart වෙතින් Grocery List Essentials දොරකඩටම ගෙන්න ගන්න.

දෛනික කටයුතු පවත්වාගෙන යන්න විවිධ Grocery Items එක්කර ගන්න අපිට සිදුවෙනවා. ඔයා Grocery Shopping කරන්නේ දිනපතාද? සතිපතාද? නැත්තම් මාස්පතාද? ගෙදරට අවශ්‍ය Daily Essentials ගන්න සැරින් සැරේ කඩවල් ගානේ දුවනවාට වඩා මුළු මාසෙටම අවශ්‍ය බඩුමුට්ටු එකවරම මිලදී ගන්න පුළුවන් නම් වඩාත් ලේසියි. කාලය වගේම මුදල් ඉතිරි කරගන්නත් හොඳම විදියක් තමයි Monthly Grocery List එක එකවරම මිලදී ගැනීම.

දැන් වෙළෙඳසැළකට, කඩේකට ගිහින් දිනපතා අත්‍යවශ්‍ය බඩුමුට්ට්ටු ගන්නවාට වඩා බොහෝදෙනා අතර ජනප්‍රිය ක්‍රමය වෙලා තියන්නේ Online Grocery Shopping කිරීමයි. Online Groceries හොයද්දි ලැබෙන ලොකුම වාසියක් තමයි තමන්ට අවශ්‍ය බඩුමුට්ටු තියනවාද කියලා Search කරලා ඒ වෙලේම Order කරන්න හැකිවීම. ඒ වගේම Online Grocery Shopping කරද්දි අවශ්‍ය හැමදේම එකම තැනින් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. 

Online groceries delivered කරන තැනක් ඔයා හොයනවා නම්, ඒ සඳහා හොඳම තැන තමයි Daraz Mart. ඔයාගේ Grocery List Ideas අතරට එකතු කරගන්න අවශ්‍ය බඩුමුට්ටු මොනවාද කියලා අපි බලමු.

Tea Essential

දිනපතා තේ බොන්න ලාංකික අපි කොහොමත් පුරුදු වෙලා ඉන්නවා. බොහෝදෙනා දවස  ආරම්භ කරන්න තෝරගන්නේ කිරි තේ එකක්. ඒ වගේම ගෙදරට අමුත්තෙක් ආවාමත් අපි සංග්‍රහ කරන්නේ තේ එකකින්. ඒ නිසා කිරි පිටි, සීනි, තේ කොළ කියන්නේ නිවසකට වැඩි වශයෙන් අවශ්‍ය වෙන Grocery Items. පිටි, තේ කොළ වගේ කළමනා කොච්චර ගත්තාත් මදි වෙනවා මිසක් වැඩිවෙන්නේ නම් නෑ නේද? ඒ නිසා මාසටෙම අවශ්‍ය පිටි, තේ කොළ ආදිය Stock කරලා තියාගන්න එක ඔයාට පහසුවක් වේවි. දැන් ඇතැම් දෙනා ලේසියෙන් තේ එකක් හදාගන්න Tea Bags පාවිච්චි කරන්න හුරුවෙලා ඉන්නවා. ඒ නිසා තේ කොළවලට අමතරව Tea Bags එහෙමත් තියාගන්න. මාසෙටම අවශ්‍ය මේ Tea Essentials Daraz Mart වෙතින් සොයාගන්න.

Beverages

සාමාන්‍ය කිරි තේ එකකට ප්ලේන්ටියකට එහා ගිය රසයක් සොයන අය නෙස්ටමෝල්ට්, මයිලෝ, හෝර්ලික්ස් වැනි පානයන්වලට ප්‍රිය කරනවා. මෝල්ට් රසයට කැමති නම් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස්,  වැනි පානයනුත් චොකලට් රසයට කැමැති නම් මයිලෝ වැනි පානයනුත් Grocery List එකට එකතු කරගන්න පුළුවන්කම තියනවා. නිවසක ඉන්න සාමාජිකයන් ප්‍රමාණය කී‌ දෙනෙක් වුණාත් එක එක්කෙනා කැමති එක් එක් පාන වර්ගවලටයි. ඒ නිසා නිවසට අවශ්‍ය Beverages වර්ග තෝරගනිද්දි හැමෝගෙම කැමැත්ත ගැන හිතන්න වෙනවා.  ගෙදර අය පානය කරන ප්‍රමාණය මත මාසෙටම අවශ්‍ය කරන Nestomolt, Milo, Nescafe, Viva, Horlicks වැනි පිටි වර්ග Daraz Mart වෙතින් Order කරලා ගෙනත් තියාගත්තා නම් හොඳයි නේද?

 Cooking Supplies

අපේ රටේ ප්‍රධාන අහාරය වෙලා තියන්නේ බත්. ඒ නිසා රතු කැකුළු, සුදු කැකුළු, සම්බා, නාඩු වැනි විවිධ හාල් වර්ග නිවසක බහුලව ආහාරයට ගැනෙනවා. හාල් දිනපතා අවශ්‍ය කරන දෙයක් නිසා මුළු මාසෙටම අවශ්‍ය හාල් ප්‍රමාණය එකවර මිලදී ගන්න තමයි ගොඩාක් දෙනා හුරුවෙලා ඉන්නේ. මාසෙටම අවශ්‍ය හාල් පැකට් දැන් බරට බරේ උස්සගෙන එන්න ඕන නෑ. ඔයාට අවශ්‍ය කරන හාල් ජාති දැන් Daraz Mart එකෙන් Order කරන්න පුළුවන්. හාල්වලට අමතරව නිවසක වැඩිපුරම උයන කෑමක් තමයි පරිප්පු. එළවළු, මස්මාළු හැමදේත් එක්කම පරිප්පුව ගොඩාක්දෙනාගේ ආහාර වේල් අතරට එකතු කරගන්නවා. ඒ නිසා මාසෙටම අවශ්‍ය පරිප්පු ප්‍රමාණය Stock කරගන්න. ඒ වගේම හාල්, පරිප්පුවලට අමතරව හදිසි වෙලාවට ලේසියෙන් හදාගන්න නූඩ්ල්ස් ආදියත් Grocery List එකට එකතු කරගන්න අමතක කරන්න එපා.

Spices & Condiments

කටට රසට උයනවා නම් කුස්සියට අවශ්‍ය Groceries මිලදී ගනිද්දි කුළුබඩු වර්ගත් මතක ඇතුවම ගන්න වෙනවා. කුළුබඩුවලින් ආහාරවල රසය, පාට, කල්තබා ගැනීමේ හැකියාව වැඩි කරනවා. ගෙදර හැමෝටම ගැළපෙන්න විවිධ වර්ගයේ කෑම හදද්දි  ඒ කෑමවලට වැඩි රසයක් එක්කර ගන්නේ කුළුබඩු යොදාගෙනයි. ශ්‍රී ලාංකේය ආහාරවලට ගොඩාක්දෙනා ප්‍රිය කරන්නෙත් පදමට තුනපහ එහෙම දාලා කටට රසට හදන නිසායි. මිරිස් කුඩු, කෑලි මිරිස්, තුනපහ, ගම්මිරිස්, කහකුඩු, අබ මේ සියල්ල කුළුබඩු ගණයට ඇතුළත් වෙනවා. කෑම හද්දි මේ කුළුබඩු වර්ග නිතර නිතර අවශ්‍ය වෙන නිසා මාසෙටම අවශ්‍ය කරන කුළුබඩු වර්ග ගෙනත් ඔයාගේ මුළුතැන්ගෙයි තියාගන්න. කුළුබඩුවලට අමතරව රසවත් විදියට කෑම හදාගන්න සෝස් ආදි Condiments වර්ගත් අපි එකතු කරගන්නවා. මේ වගේ දේවල් ඉක්මනින් කල්ඉකුත් වෙන්නේ නැති නිසා මාසෙටම අවශ්‍ය කරන විදියට ගෙනත් තියාගත්තාට පාඩුවක් වෙන්නේ නෑ.

Snacks

අනංමනං කෑම කන්න කවුද කැමති නැත්තේ? බිස්කට්,චොකලට්, ටිපිටිප්, චිප්ස් ජාති වගේ විවිධ Snacks ජාතිත් Grocery Shopping කරද්දි එකතු කරගන්නවා නේද? ගෙදර පොඩ්ඩො එහෙම ඉන්නවා නම් කොහොමත් නිතර Snacks ජාති හොයනවානේ. ඒ වගේම ගෙදරට අමුත්තන් ආවාමත් තේ එකත් එක්ක සංග්‍රහ කරන්න බිස්කට් වගේ දෙයක් තියාගන්නම වෙනවා. කවුරුහරි ගෙදරට ආව වෙලේට කඩවල් ගානේ දුවනවාට වඩා මේ වගේ දේවල් ගෙදර Stock කරලා තියාගත්තාට වැඩි වෙන්නේ නෑ. විවිධ රසයන් සහිත බිස්කට්, චොකලට්, චිප්ස් ඇතුළු Snacks වර්ග Daraz Mart වෙතින්ම ගෙන්න ගන්න.

මේ ජූලි මාසයටම අවශ්‍ය කරන Groceries එකවරම මිලදී ගන්න. වෙළෙඳපොලේ තියන හොඳම මිල ගණන්වලට අවශ්‍ය Groceries සියල්ල Daraz Mart වෙතින් ගෙදරටම. ඩිලිවරි ගාස්තු සඳහා වැය වෙන්නේ රු. 130ක් වැනි මුදලක් පමණයි.

Daraz Mart වෙතින් තෝරගන්න පුළුවන් සෞඛ්‍යයට හිතකර කෑම වර්ග ගැන දැනගන්න Daraz Mart වෙතින් තෝරගන්න Healthy Snacks ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php