ගෙදරදීම ලේසියෙන් හදාගන්න Best Cake Recipes

ගෙදරදීම ලේසියෙන් හදාගන්න Best Cake Recipes

කේක් කන්න ආසයි නම් Best Cake Recipes ගැනත් දැනගෙන ඉන්න එපැයි. Best Cake Recipes භාවිතා කරලා තමන් කැමැති විවිධ කේක් ජාති හදාගන්න පුළුවන්.

ගෙදරදීම හදාගන්න පහසු Best Cake Recipes ගැන ඔයා දන්නවාද? Best Cake Recipes හදාගන්න අවශ්‍ය සියලු කළමනා දැන් Daraz Mart වෙතින් මිලදී ගන්න. 

පැණි රස කන්න කැමති අයගේ ප්‍රියතම කෑමක් තමයි කේක්. කඩෙන් කේක් ගන්නවාට වඩා Homemade Cake Recipes යොදාගෙන ගෙදරදීම කේක් එකක් හදාගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවාද? ඒ නිසාම අද Easy Cake Recipes ටිකක් අපි ඔයාලාට හඳුන්වලා දෙන්න හිතුවා. කේක් එකක් ගෙදරදී හදනවා කියන්නේ Ingredients රැසක් අවශ්‍ය වෙනවා. මේ Ingredients හොයන්න ඔයා දැන් කඩවල් ගානේ දුවන්න ඕන නෑ. Daraz Mart එකෙන් Order කරලා අවශ්‍ය කළමනා සියල්ල ගෙදරටම ගෙන්න ගන්න.

කේක් එකක් ගෙදරදී හදාගත්තාම වඩාත් රසවත් වගේම ඔයාගේ හිතටත් ලොකු සතුටක් දැනේවි. ගෙදර අයට රස විඳින්නත් ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් මේ Simple Cake Recipes ඔයාත් ට්‍රයි කරලා බලන්න.

Chocolate Cake

කේක්වලින් ගොඩාක්දෙනා කන්න කැමති චොකලට් කේක්. හොඳ චොකලට් කේක් එකක මොයිස්චර් ගතියක් තියෙන්න ඕන. කේක් එක වේලුණු ගතියට තිබුණොත් රසයක් දැනෙන්නැති වෙනවා. Soft චොකලට් කේක් එකක් මේ විදියට හදාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි කප් 3
  • සීනි කප් 3
  • කොකෝවා පවුඩර් කප් 1 1/2
  • බේකින් සෝඩා මේස හැන්දක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
  • ලුණු තේ හැඳි 1 1/2
  • ලොකු බිත්තර 4
  • කිරි කප් 1 1/2
  • දෙහි යුෂ මේස හැඳි 1 1/2
  • උණුසුම් වතුර කප් 1 1/2
  • එළවළු තෙල් කප් 1/2
  • වැනිලා තේ හැඳි 2

සාදන ක්‍රමය :

  1. කිරිවලට දෙහි යුශ එක් කරලා මිශ්‍ර කර විනාඩි 5ක් පමණ තියාගන්න.
  2. පිටි, සීනි, බේකින් සෝඩා, ලුණු, බේකින් පවුඩර් සහ කොකෝවා පවුඩර් එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  3. බිත්තර, කිරි මිශ්‍රණය, තෙල්, වතුර සහ වැනිලා එකට එක් කර හොඳින් බීට් කරගන්න.
  4. එය පිටි මිශ්‍රණයට එක් කරමින් මද වේගයෙන් බීට් කරගන්න. නැත්නම් හෑන්ඩ් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
  5. ඉන්පසු සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න.

Eggless Chocolate Cake

වෙජිටේරියන් කට්ටිය කේක් කන්නේ නැත්තේ බිත්තර දාලා හදන නිසායි. ඔන්න එහෙම අයට හිතේ කිසිම බයක් නැතුව කන්න මේ වගේ Eggless Cake එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන්පිටි මෙශරින් කප් 1 1/2
  • කොකෝවා පවුඩර් මේස හැඳි 3
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
  • බේකින් සෝඩා තේ හැඳි 3/4
  • මිල්ක්මේඩ් කප් 1
  • දිය කරගත් බටර් කප් 3/4
  • වැනිලා තේ හැඳි 1 1/2
  • වතුර කප් ¾

සාදන ක්‍රමය :

  1. පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා බෝල් එකකට දමා එකට මිශ්‍ර කරගන්න.
  2. දියකරගත් බටර්වලට මිල්ක්මේඩ් සහ වතුර එක් කර හොඳින් බීට් කරගන්න. වැනිලා ස්වල්පයකුත් මිශ්‍ර කරගන්න.
  3. මේ මිශ්‍රණයට පිටිවලින් භාගයක් එක් කර වින්ස් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න. ඉතිරි පිටි ටිකත් ටික ටික එක් කරමින් මිශ්‍ර කරගන්න.
  4. බටර් තවරා තෙල් කඩදාසි දමාගත් අඟල් 9ක රවුම් තැටියකට මිශ්‍රණය එක් කර සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.

Butter Cake

චොකලට් රසයට කැමති නැති අය බටර් කේක් තමයි තෝරාගන්නේ. ගෙදරදී කාටත් ලේසියෙන් හදාගන්න පුළුවන් කේක් වර්ගයක් තමයි බටර් කේක්. බටර් කේක් Soft ගතියට තිබුණාම තමයි රසය වැඩි වෙන්නේ. අපි බලමු බටර් කේක් එකක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බටර් හෝ මාගරින් 250g
  • සීනි 250g
  • බිත්තර 4
  • පාන්පිටි 250g
  • බේකින් පවුඩර්
  • වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය :

  1. සීනි හා බටර් හොඳින් බීට් කරගන්න.
  2. මෙයට බිත්තර ටික වරින් වර එකතු කර විනාඩි 20ක් පමණ හොඳින් බීට් කරන්න.
  3. එයට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරන්න.
  4. පාන්පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කර තුන් වතාවක් හලා ගන්න.
  5. බටර් මිශ්‍රණයට පාන්පිටි එකතු කර එක දිශාවකට පමණක් කලවම් කරගන්න. කේක් තැටියකට තෙල් කඩදාසි අතුරා ගන්න.
  6. සෙල්සියස් අංශක 180 හා ෆැරන්හයිට් අංශක 360 දී විනාඩි හතලිහක් පමණ බේක් කරගන්න.

Ribbon Cake

ගොඩාක් වෙලාවට උපන්දිනේකට එහෙම හදන්නේ Ribbon Cake. රසවත් Ribbon Cake එකක් ගෙදරදී හදාගන්නේ මේ විදියටයි.  

අවශ්‍ය ද්‍රව්‍ය :

  • මිල්ක්මේඩ් 100g
  • බටර් 200g
  • සීනි 200g
  • බිත්තර 4
  • පිටි 250g
  • බේකින් පවුඩර් 5g
  • වැනිලා මේස හැඳි 1
  • ආහාර වර්ණක – රෝස සහ කොළ

බටර් අයිසින් සඳහා

  • අයිසින් ෂුගර් 400g
  • බටර් 150g

සාදන ක්‍රමය :

  1. බටර් සහ සීනි බඳුනකට දමා සුමට පදමකට එන තෙක් බීට් කරගන්න. ඉන්පසු, බිත්තර වරකට එක බැගින් එකතු කරමින් හොඳින් බීට් කරන්න
  2. පිටි සහ බේකින් පවුඩර් ද ඉක්මනින් මිශ්‍රණයට එක්කරමින් ඒ සමඟම මිල්ක්මේඩ් සහ වැනිලා ද එකතු කරන්න. අමුද්‍රව්‍ය හොඳින් සංයෝග වන තුරු හොඳින් මිශ්‍ර කරන්න
  3. බැටර් මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කර රෝස සහ කොළ පැහැ වර්ණක යොදා බේකින් තැටි මතට වත්කරගන්න
  4. මිනිත්තු 25-30ක් 180 °C උෂ්ණත්වයෙන් බේක් කරගන්න
  5. විශාල බඳුනකට මෘදු කළ මාගරින් හෝ බටර් දමා සැහැල්ලු මෘදු පදමක් සැකසෙන තුරු විප් කරන්න.
  6. මිල්ක්මේඩ් හොඳින් මිශ්‍රවන තෙක් සෙමින් විප් කරන්න.
  7. කේක් එක සැන්විච් කර අයිසින් යොදා සරසාගන්න.

Coffee Cake

ඔයා කෝපි රසයට කැමති කෙනෙක්ද? එහෙනම් කෝපි කේක් කන්නත් කැමතියිනේ. මෙන්න මේ විදියට Coffee Cake එකක් ගෙදරදී හදලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි 125g
  • සීනී 125g
  • බටර් 65g
  • තෙල් 60g
  • බිත්තර 2
  • බේකිං පව්ඩර් තේ හැදි 1
  • කිරි මේස හැදි 1
  • කොකෝවා පවුඩර් තේ හැදි 1
  • නෙස්කැෆේ කෝපි තේ හැදි 2
  • වතුර තේ හැදි 1

සාදන ක්‍රමය :

  1. මුලින්ම බටර්,තෙල් සහ සීනී හොදින් බීට් කරන්න.
  2. ඊළගට එයට බිත්තර එකින් එක දමා බීට් කරන්න.
  3. පිටි,කොකෝවා පවුඩර් සහ බේකිං පවුඩර් එකතු කර බීට් කරන්න.
  4. ඊළගට දිය කර ගත් කෝපි දමා බීට් කරන්න.ඉන්පසු කිරි දමා බීට් කරන්න.
  5. සාදාගත් මෙම මිශ්‍රණය ට්‍රේ එකකට දමා ගන්න.
  6. දැන් 180 උෂ්ණත්වයේ විනාඩි 35ක් 40ක් බේක් කරගන්න.
  7. නිවෙන්න හැර කැමති ආකාරයෙන් සරසගන්න.

Cheese Cake

චීස් කේක් කඩෙන් ගන්න ගියොත් මිල ටිකක් අධිකයි. ඒත් කේක් වර්ග අතරින් චීස් කේක් කියන්නේ රසවත්ම කෑමක්. ඒ නිසා ගෙදරදීම චීස් කේක් එකක් හදලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ක්‍රීම් චීස් 750g
  • බිත්තර 4
  • සුදු සීනී 200g
  • වැනිලා තේ හැදී 2
  • මාරී බිස්කට්
  • බටර් හෝ මාගරින් 100g

සාදන ක්‍රමය :

  1. මුලින්ම බිස්කට් කුඩු කරගන්න.
  2. පසුව දිය කරගත් බටර් හෝ මාගරින් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
  3. ඒවා බේකින් ට්‍රේ එකේ පතුලට දමා අතින් තදකර ගන්න.
  4. කලින්  200°C/400°Fට රත් කරගත් අවන් එකක විනාඩි 5 -10 අතර බේක් කරගන්න.

චීස් ෆිලින් හදාගන්න ක්‍රමය :

  1. මේ සඳහා කාමර උෂ්ණත්වයට පත් වූ ක්‍රීම් චීස් අවශ්‍යයි. එයට සීනී සහ වැනිලා දමාගෙන මෘදු වන තුරු බීට් කරන්න.එයට වරකට බිත්තරය බැඟින් දමාහොඳින් බීට් කරන්න.
  2. මෘදු පිරවුමක් ලැබුණු පසුව අවන් කරපු තැටියට මෙම මිශ්‍රණය දමාගෙන 150°C/300°F උෂ්ණත්වයේ විනාඩි 55 ක් පමණ බේක් කරන්න.
  3. බේක් කිරීමෙන් අනතුරුව අවන් එක නිවෙන්නට තබා කේක් එක අවන් එක තුළම විනාඩි දෙක තුනක් නිවෙන්න තබන්න.
  4. සරසාගෙන පැය 5-6ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

 Cup Cake

කේක් ජාති අතර කප් කේක් දැන් වඩාත් ජනප්‍රියයි. චොකලට්, වැනිලා වගේම විවිධ රස සහිත කප් කේක් රැසක් තියනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • මාගරින් 250g
  • බිත්තර 04
  • පාන් පිටි 250g
  • සීනි 200g
  • නැවුම් කිරි මි.ලී. 50
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1

සාදන ක්‍රමය :

  1. බටර් සහ සීනි ක්‍රීම් එකක් වන තුරු එකට ගසා ගන්න. එයට බිත්තරද එකතු කර හොඳින් ගසා පසෙකින් තබන්න. (බිත්තර එකතු කළ පසු මිශ්‍රණය වේගයෙන් ගසාගන්න)පාන් පිටි මතට බේකින් පවුඩර් එකතු කර පෙනේරයකින් හලාගන්න.
  2. සීනි – බටර් – බිත්තර මිශ්‍රණයට මදින් මද පිටි එකතු කරමින් මිශ්‍ර කරන්න. එයට කිරි සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  3. කප් කේක් අච්චුවට 3/4 ක් පිරෙන තුරු මිශ්‍රණය වත් කරන්න.
  4. අච්චුවේ ඉතිරි 1/4 ඉඩ ප්‍රමාණය කප් කේක් එක පිපීම සඳහා ඉඩ තබන්න. මේ සඳහා වෙළඳපොළේහි ඇති කඩදාසි අච්චු ද භාවිතා කරන්න පුළුවන්.
  5. මෙම මිශ්‍රණය සෙන්ටිග්‍රේඩ් අංශක 160ක උෂ්ණත්වයේ විනාඩි 20ක් බේක් කර ගන්න.
  6. කේක් එක නිවුණු පසු ඔබ කැමති ආකාරයට අයිසින් තැවරුමක් යොදා ගන්න.

අයිසින්: බටර් අයිසින් සඳහා බටර් 75gට අයිසින් සීනි 150g ක අනුපාතයට එකතු කර තමා කැමති වර්ණයක්.

මේ රෙසිපි භාවිතා කරලා රසවත් කේක් ගෙදරදීම හදාගන්න ඔයාත් කැමතියි නේද? කේක් හදන්න අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය Daraz Mart වෙතින් සොයාගන්න.

මේ රෙසිපි භාවිතා කරලා රසවත් කේක් ගෙදරදීම හදාගන්න ඔයාත් කැමතියි නේද? කේක් හදන්න අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය Daraz Mart වෙතින් සොයාගන්න.

උදේ කෑමට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි ගැන දැනගන්න Daraz Mart සමඟින් රස ගුණ පිරි Easy Breakfast Recipesලිපිය කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php