Welcome Drinks රැසකින් අමුත්තන්ට සංග්‍රහ කරන්න

Welcome Drinks රැසකින් අමුත්තන්ට සංග්‍රහ කරන්න

ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න නම්, Welcome Drinks ගැන අපිට හිතන්න වෙනවා. ගෙදරට කෙනෙක් ආවාම පුංචි විදියකින් හෝ සංග්‍රහ කරන්න තමයි අපි කවුරුත් කැමති.

අමුත්තන්ට සංග්‍රහ කරන්න Welcome Drinks ඔයාත් හොයනවාද? කෑම නැතත් රසවත් බීම එකකින් හෝ අපිට කෙනෙක්ට සංග්‍රහ කරන්න පුළුවන් නම් එය වඩාත් වටිනවා.

නිවසකට එන අමුත්තන් හැමෝම දවල් හෝ රාත්‍රී කෑම වේලට ඉඳලා යන අවස්ථා හරි අඩුයි. කෑමකට එනවා නම් කලින් දැනුම්දීමක් කරලා තමයි එන්නේ. ඉතිං ඒ නිසා හදිස්සියේ ගෙදරට එන කෙනෙක්ට කෑම වේලක් දුන්නේ නැතත් තේ එකකින් හෝ බීම එකකින් සංග්‍රහ කරන්න අපිට සිදු වෙනවා.

ගොඩාක් වෙලාවට ගෙදරට කෙනෙක් එන්නේ නිදහසසේ කතාබහ කරන්නයි. එහෙම ආවාම  ඒ කෙනාගේත් හිත ප්‍රබෝධමත් වෙන බීමකින් සංග්‍රහ කරමුද?  කූල් බීම ජාති, ජූස්, පළතුරු බීම ආදිය  චිල් එකේ චැට් එකක් දාගෙන ඉන්න නියමෙට ගැළපෙනවා. කවුරුහරි ආවාම කුස්සියට දුවලා එක එක බීම ජාති හදන්න මහන්සි වෙනවාට වඩා මේ වගේ බීම වර්ග ඔයාගේ ගෙදර වැඩිපුර තියාගත්තොත් හොඳයි නේද? දැන් Daraz Mart වෙතින් Fruit drinks, Juices, Soft Drinks ආදි විවිධ බීම වර්ග Online Order කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාගේ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න මේ Welcome Drinks ගැළපෙනවාද බලන්න.

Fruit Drinks

පළතුරු කියන්නේ ඇඟට ගුණදායක දෙයක්. හැබැයි අපිට පළතුරු නිතර කැවෙනවා අඩුයිනේ. ඒ නිසා පළතුරුවල ගුණය ඇඟට ලබාගන්න හොඳම විදිය තමයි පළතුරු බීම පානය කරන එක. අඹ, දිවුල්, දොඩම්, මිශ්‍ර පළතුරු වගේ විවිධ Flavorsවලින්  Best Fruit drinks අපිට හොයාගන්න පුළුවන්. ගෙදරට එන අමුත්තෙක්ට සංග්‍රහ කරන්න මේ වගේ Fruit Drinks වඩාත් ගැළපෙනවා. MD, Elephant House, Smak වගේ විවිධ වෙළෙඳ නාම වෙතින් පළතුරු යුෂ බීම වර්ග දැන් Daraz Mart එකෙන් Order කරලා ගෙන්න ගන්න පුළුවන් කියලා ඔයා දන්නවාද?

Juices

ජූස්  කියන්නේ ලොකු, පොඩි කවුරුත් කැමති පානයක්. විවිධ පළතුරු හොයාගෙන ඒවා බ්ලෙන්ඩ් කරලා ජූස් හදන්න දැන් ඉස්සර වගේ මහන්සි‌ වෙන්න ඕන නෑ. ජූස් වර්ග ගණනාවක්ම දැන් වෙළෙඳපොළේ තියන නිසා, විවිධ රසයන් සහිත ජූස් සොයාගන්න අවස්ථාව තියනවා. Healthy Juices අතර ඇපල්, මිදි,  දෙහි, අඹ, දොඩම් වැනි විවිධ පළතුරු අඩංගු රසවත් ජූස් වර්ග තෝරගන්න.  ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න Juice කියාපුම බීම වර්ගයක්.

Flavored Drinks

එක එක්කෙනා කැමති රසයන් එකිනෙකට වෙනස්. ඒ නිසා බීම වර්ග තෝරාගනිද්දිත් තමන් කැමති රසයන්වලට මුල්තැන දෙනවා. Flavored Drinks අතර වැඩිපුර ජනප්‍රිය චොලකට් හා වැනිලා Flavors.  ඊට අමතරව Healthy Flavored Drinks සොයනවා නම් මයිලෝ වැනි පානයනුත් තෝරගන්න පුළුවන්. ගෙදරට පොඩ්ඩො එහෙම ආවාම කූල් මයිලෝ වැනි බීමවලින් සංග්‍රහ කරොත් ඔවුන් වඩාත් කැමති වේවි. මිල්ක්ෂේක්, ෆලූඩා, අයිස් කොෆි වගේ විවිධ Flavors අඩංගු රසවත් බීම වර්ග ගෙදරට ගන්න Groceries අතරට එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Soft Drinks

හැමෝම පළතුරු රසයට කැමති නෑනෙ. එහෙම අය හොයන්නේ Soft drinks. උණුසුම් කාලෙට  Cool drinks අතර කාගේත් තෝරාගැනීම වෙන්නේ Soft drinks.  පැණි රසයට කැමති අය Cream soda, Orange crush, Fanta වගේ බීමවලට ප්‍රිය කරනවා. ටිකක් සැර ගතියට බොන්න කැමති නම් Cocacola, Sprite, Ginger Bear තමයි නියම බීම වර්ග වෙන්නේ. ඉතිං ගෙදරට එන අමුත්තන් වැඩිපුර කැමති කොයි වගේ රසයකටද කියලා අපි දන්නේ නෑනෙ. ඒ නිසා විවිධ Soft Drinks ගෙනත් තියාගන්න එක කෝයිදේටත් හොඳයි. මේවා ඉක්මනින් කල්ඉකුත් වෙන්නේ නැති නිසා, වැඩිපුර තියාගත්තාට අහක යන්නෙත් නෑ.

Ice Tea

තේ රසයට ලාංකික අපි කොහොමත් හුරුවෙලා ඉන්නවා. හැබැයි ඉතිං පොඩි ළමයි නම් තේ බොන්න ටිකක් හොරයි.  දැන් උණු තේ එකට වඩා Iced Tea බොහෝදෙනො අතර ජනප්‍රියයි. Iced Tea Recipe හොය හෙයා Ice Tea හදන්න ඔයාත් මහන්සි වෙනවාද? දැන් Best Iced Tea වෙළෙඳපොළෙන් හොයාගන්න පුළුවන්. Sozo, Heladiv වැනි වෙළෙඳ නාමවලින් Iced Tea රසවිඳින්න ඔයාත් කැමතියිද? Iced Tea වගේ දෙයක් අමුත්තන්ට සංග්‍රහ කරන්න වෙනස් විදියේ පාන වර්ගයක් වේවි.

මේ Welcome Drinks සමඟින් ගෙදරට එන අමුත්තන්ට රසවත් බීම වර්ගවලින් සංග්‍රහ කරන්න. විවිධ රස සහිත බීම වර්ග ගෙදර වැඩිපුර Stock කරලා තියාගන්න  දැන්ම Daraz Mart සමඟින් Shop කරන්න.

ගෙදරදී හදාගන්න පුළුවන් කේක් රෙසිපි ගැන දැනගන්න ගෙදරදීම ලේසියෙන් හදාගන්න Best Cake Recipes ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php