සාර්ථක ව්‍යාපාරයක් ජයගන්න Online Startup Ideas

සාර්ථක ව්‍යාපාරයක් ජයගන්න Online Startup Ideas

Online ව්‍යාපාරයක් පටන් ගන්න නම් Online Startup Ideas ගැන දැනගෙන ඉන්න වෙනවා.  දැන් ගොඩාක්දෙනෙක් ව්‍යාපාර ආරම්භ කරන්නේ Online ක්‍රමය හරහායි.

ඔබත් අලුතින් Online ව්‍යාපාරයක් පටන් ගන්න Online Startup Ideas ගැන හිතනවාද? Online Business Startup Ideas ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

ශ්‍රී ලංකාව තුළ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අභියෝගාත්මක දෙයක් බව කාටත් හිතෙන්න පුළුවන්. තාක්ෂණය මත සියල්ල තීරණය වන මේ කාලේ දැන් ව්‍යාපාර කටයුතුත් Online සිදු කරන්න බොහෝදෙනා යොමුවෙලා තියනවා. Online ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ අන්තර්ජාලය හරහායි. දියුණු තාක්ෂණයත් සමඟ දැන් නිවසේ සිටම මුදල් හම්බ කිරිමට හැකි වීම කාටත් පහසුවක් වෙලා තියනවා.

තාක්ෂණය ගැන දැනගත් පමණින් අපිට Online ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න නම් Online Business Startup Ideas ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕන. ව්‍යාපාරයක් Online ආරම්භ කිරීම මඟින් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගනුදෙනුකරුවන්ට තමන්ගේ ව්‍යාපාරය විවෘත කිරීමට හැකියාව ලැබෙනවා. එය ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් සඳහා සහායක් වෙනවා.

Online ව්‍යාපාරයක් ආරම්භ කරද්දි අපි හිතන්න ඕන මූලික කරුණු කිහිපයක් තියනවා. සාර්ථක Online ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය Online Startup Ideas මොනවාද කියලා අපි බලමු.

ව්‍යාපාරික අදහසක් තීරණය කිරීම

සාර්ථක Online ව්‍යාපාරයක් පටන් ගන්න නම්, මුලින්ම ඔබේ ව්‍යාපාරය මොකද්ද කියලා හිතන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාරික අදහසක් තියෙන්න අවශ්‍යයි.  ඔබ පටන් ගන්නේ මොන වගේ ව්‍යාපාරයක්ද කියලා පැහැදිලි හා සංක්ෂිප්ත අදහසක් තිබීම වැදගත් වෙනවා. ඔබ විකුණන්නේ කුමක්ද හෝ ලබාදෙන්න යන්නේ කුමන සේවාවක්  ද කියලා මුලින්ම තීරණය කරන්න ඕන.

ඒ නිසා Online Startup Ideas අතර පළවෙනිම පියවර වෙන්නේ ව්‍යාපාරික අදහසක් ඇති කර ගැනීමයි. ඒ ගැන නිසි අවබෝධයක් තිබුණාට පස්සේ ව්‍යාපාරයේ ඉතිරි කොටස් ගොඩනඟා ගැනීම පහසු වෙනවා. ඒ වගේම එම ව්‍යාපාරික අදහස තුළ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි නිෂ්පාදනයක් හෝ සෝවාවක් තෝරාගැනීම  වඩාත් වැදගත් වෙනවා.

නිසි Online ක්‍රමවේද පවත්වා ගැනීම

Online ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාරික අදහසක් ලැබුණු පසු ඊළඟ පියවර වන්නේ, නිසි Online ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි. මෙයට වෙබ් අඩවියක්, සමාජ මාධ්‍ය ගිණුම් සහ ඔබේ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට ඔබ භාවිතා කිරීමට අදහස් කරන වෙනත් ඕනෑම ඩිජිටල් නාලිකා නිර්මාණය කිරීම ආදිය ඇතුළත් වෙනවා. මේ සඳහා ගනුදෙනුකරුවන්ට විශ්වාසනීය වෙඩ් අඩවියක් තෝරාගැනීම තුළින් ඔබේ ව්‍යාපාරයට වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වෙනවා. 

අලෙවිකරණ උපාය මාර්ගයක් සකසා ගැනීම

Online ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ නොවරදවාම සිදු කළ යුතු කාර්යක් වන්නේ අලෙවිකරණ උපාය මාර්ගයක් (Marketing strategy) සකස් කරගැනීමයි. නිසි අලෙවිකරණ උපාය මාර්ගයක් සකසා ගැනීම ඔබේ ගනුදෙනුකරුවන් වෙත ළඟාවීමට උපකාරී වෙනවා. මෙම අලෙවිකරණ උපාය මාර්ගික සැලැස්ම තුළ ඔබේ ඉලක්කගත පාරිභෝගිකයන් කවුරුන්ද කියලා මුලින්ම හිතන්න අවශ්‍යයි. ඔබේ පාරිභෝගිකයන් කවුරුන්ද කියලා දැනගත් පසු ඔබේ ඉලක්ක ඇතිකර ගන්න. ඉන්පසු පාරිභෝගිකයන් වෙත ළඟාවීමට භාවිතා කළ හැකි ඩිජිටල් නාලිකා තෝරාගන්න. එම නාලිකා ඔස්සේ ආකර්ෂණීය අන්තර්ගතයන් (Content) සාදාගෙන ඒවා ඔබේ සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරන්න. එම සැලැස්ම තුළ අවසාන වශයෙන්, ඔබේ අලෙවිකරණ උත්සාහයන් ක්‍රියාත්මක වන ආකාරය විශ්ලේෂණය කිරීමට සහ අවශ්‍ය පරිදි ගැලපීම් කිරීමට අමතක නොකරන්න.

පාරිභෝගිකයන් පිරිසක් ගොඩනඟා ගැනීම

Steps for Online Startup ගැන හිතද්දි ඔබට කළ හැකි තවත් වැදගත්ම දෙය නම් පාරිභෝගිකයන් පිරිසක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. පාරිභෝගිකයන් තමන්ගේ ව්‍යාපාරය වෙත ආකර්ෂණය කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ විශිෂ්ට අන්තර්ගතයන් ගොඩනැඟීමයි.  මේ සදහා blog posts, infographics, eBooks ආදිය යොදාගන්න පුළුවන්.  ඔබ ප්‍රයෝජනවත් තොරතුරු සපයද්දි,  ඔබේ පාරිභෝගිකයන් ඔබේ නිෂ්පාදන හෝ සේවා වෙත ළඟාවීමේ ඉඩකඩ වැඩිවෙනවා. ඒ වගේම ඔබ විකුණුම් කටයුතු සිදු කරන වෙබ් අඩවිය ප්‍රවර්ධනය කිරීම, යාවත්කාලීන කිරිම ආදියත් සිදු කිරීම  අවශ්‍ය වෙනවා. ඔබ විශ්වාසනීය හා පහසු වෙබ් අඩවියක විකුණුම් කටයුතු සිදු කරන්නේ නම් එය ඔබේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට වැඩි වාසියක් වෙනවා.

ව්‍යාපාරය ආරම්භ කිරීම

දැන් මේ සියලු පියවරවලින් පසු ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකියාව තියනවා. මෙහිදී ඔබට ඔබේම වෙඩ් අඩිවියක් සාදා විකිණීම් කටයුතු සිදු කළ හැකි අතර දැවැන්තම e- commerce Platform එකක ඔබේ Online ව්‍යාපාර කටයුතු සිදු කිරීමටත් අවස්ථාව තියනවා.

තමන්‌ගේ විකුණුම් කටයුතු පහසුවෙන් සිදු කළ හැකි හොදම Online Platform එක ලෙස Daraz හඳුන්වාදෙන්න පුළුවන්. e – commerce හා නිවසේ සිට Online ව්‍යාපාරයක් සිදු කිරීම ගැන උනන්දුවක් දක්වන අයට Darazහි විකුණුම්කරුවෙක් බවට පත්වී තමන්ගේ Online ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවෙනවා. Daraz යනු විකුණුම්කරුවන්ට තමන්ගේම Store එකක් හදාගෙන මිලියන 3කට අධික පාරිභෝගිකයන් වෙත ළඟා වීමට ඉඩ සලසාදෙන වේදිකවකි.

ඔබේ Online ව්‍යාපාර කටයුතු Daraz සමඟින් අරඹන්න

Darazහි විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට කිසිඳු ලියාපදිංචි ගාස්තුවක් අය‌ නොකෙරෙන අතර ඔබට කොමිස් මුදලක් ගෙවීමට සිදුවන්නේ Platform එකේ විකුණන විට පමණි.

Darazහි විකුණුම්කරුවෙකු ලෙස සාර්ථක වීමට මෙම කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

  • හොඳම කොලිටියේ නිෂ්පාදන ලැයිස්තුගත කරන්න.
  • පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදෙන්න.
  • Search visibility මත Products Optimize කරන්න.

ඔබේ Online Store එක Darazහි සාදා ගැනීමෙන් ඔබට වැඩි ආදායමක් ඉපැයිය හැකියි.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ගැන දැනගන්න. ලියාපදිංචි කිරීමේ අයඳුම්පත මෙතනින් හෝ Daraz Desktop වෙබ් අඩවියේ ඉහළින් හෝ Daraz App එකේ පහළින් හොයාගන්න පුළුවන්.

  • ඔබේ දුරකථන අංකය ඇතුළත් කර ගිණුමක් සකසන්න. OTP අංකය ලබාගැනීමට දකුණු දෙසට toggle කරන්න.
  • ඔබේ දුරකථන අංකය Verify කරන්න. OTP අංකය ඇතුළත් කරන්න.
  • ‘ගිණුමක් සකසන්න’ Click කරන්න.
  • ඊළඟට ඔබේ ගිණුම Verify කිරීමට Profile, ලිපිනය, හැඳුනුම්පත් අංකය, බැංකු විස්තර වැනි Seller verification තොරතුරු පිරවිය යුතුයි.
  • ඔබේ ගිණුමට නිෂ්පාදන එකතු කර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු පුරවන්න.
  • ඔබේ ගිණුම Verify වූ පසු, ඔබට Darazහි විකුණුම් කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ.

ව්‍යාපාරය කළමනාකරණය කිරීම

ඔබ Online ව්‍යාපාරයක් ආරම්භ කළ පසු, එය නිසි විදියට කළමනාකරණය කිරීම අවශ්‍යම දෙයක්.  ව්‍යාපාරික සැලැස්මක් සකසා ඊට අදාළ ව්‍යුහයක් තෝරගත යුතු වෙනවා. ඔබේ ව්‍යාපාරයේ ලියාපදිංචි කටයුතුවලට අදාළ සියල්ලත් මතක ඇතුවම හරි ආකාරයට සිදු කරන්න.ව්‍යාපාරයට අදාළව වෙනම්ම බැංකු ගිණුමක් පවත්වාගෙන යන්න.  ක්‍රමවත් අලෙවි සැලැසැමක් තුළ ඔයාගේ Store එක පිහිටුවාගෙන විකුණුම් කටයුතු සිදු කරන්න.

Online ව්‍යාපාරයක් පටන් ගන්න ඔබත් හිතනවා නම්, අදම Daraz සමඟින් විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වන්න.

Online මුදල් උපයන්න පුළුවන් හොඳම ක්‍රම ගැන දැනගන්න Make Money Online සඳහා හොඳම ක්‍රම 5ක් ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php