ඩිජිටල් ජීවන රටාවකට Make Money While Traveling ගැන දැනගමු

ඩිජිටල් ජීවන රටාවකට Make Money While Traveling ගැන දැනගමු

ලෝකයේ ඕනෑම තැනක ඉඳන්  Make Money While Traveling සඳහා දැන් අවස්ථාව තියනවා.  දියුණු තාක්ෂණය සමඟ මුදල් උපයන ක්‍රමත් විවිධ වෙලා.

Make Money While Traveling කරන්නේ කොහොමද කියලා ඔබත් හොයනවාද? ට්‍රැවල් කරන ගමන් මුදල් උපයන ක්‍රම ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

ඕනෑම තැනක සිට Online වැඩ කිරීම, මුදල් ඉපැයීම දැන් ලංකාවේ බොහෝදෙනාටත් හුරුපුරුදු දෙයක්. ඒත් How to Make Money While Traveling ගැන කාගේත් මතකයට නැඟෙන්න පුළුවන්.  සංචාරය කරන ගමන් මුදල් උපයන අය අතර ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ Freelance වැඩ කරන පිරිසක් ද සිටිනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ පරිගණකයක් හා අන්තර්ජාලය පමණයි.

ඔබත් විවිධ ප්‍රදේශවල, විවිධ රටවල්වල සංචාරය කරන්න කැමැති කෙනෙක්ද? මේ කොහේ ගියාත් Make Money While Traveling කරන්නේ කොහොමද කියලා අපි බලමු.

ට්‍රැවල් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම

ඔබ විනෝදාංශයක් හැටියට නිතර සංචාරය කරන කෙනෙක් නම් ට්‍රැවල් බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න පුළුවන්. ඔබ ගමන් කරපු ස්ථාන , හෝටල් ආදිය පිළිබඳව විස්තර සඳහන් කරමින් බ්ලොග් සටහන් ලිවිය හැකියි. එයින් ඔබේ සංචාර විශේෂඥතාවය ජනතාව සමඟ බෙදා ගැනීමට පුළුවන්ය. මෙහිදී වෙළෙඳ ප්‍රචාරණය (advertising) හෝ අනුබද්ධ අලෙවිකරණය (affiliate marketing) හරහා මුදල් ඉපැයිය හැකි වෙනවා (සේවා විකිණීම හෝ හෝටල් නිර්දේශ කිරීම ආදිය). මෙහිදී වෙබ් අඩිවියක් සකසා පාඨකයන් ආකර්ෂණය කරගත හැකි පරිදි Content  නිර්මාණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ආරාධිත Post (Guest Post) පළ කිරීමත් ට්‍රැවල් බ්ලොග් එකකින් මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක්. එක්වරම නැතත් දිනෙන් දින ඔබේ Content නිර්මාණශීලි අයුරින් ගුණාත්මකව ඉදිරිපත් කිරීම තුළින් ඔබේ බ්ලොග් අඩිවිය වෙත පාඨකයන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගනිමින් වැඩි ආදායමක් ඉපැයීමට හැකි වෙනවා.

Freelance වැඩ කිරීම

ඔබට සංචාරය කරන ගමන් මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක් වන්නේ, Freelance වැඩවල නිරත වීමයි. මෙම ඩිජිටල් ලෝකය තුළ Freelance කාර්යක් ලෙස ලිපි ලිවීම තෝරාගන්න පුළුවන්. ඔබේම බ්ලොග් අඩිවියක් නැතිනම්, එක් එක් ඉල්ලීම් මත ලිපි ලිවීම ඔබට Freelance කටයුත්තක් ලෙස කිරීමේ හැකියාව තියනවා. ට්‍රැවල් කරන අතරතුරේ ලිපි ලිවීමට අමරතව පරිවර්තන කටයුතු, ග්‍රැෆික් ඩිසයිනින්, Data එකතු කිරීම ආදියත් තෝරාගැනීමට අවස්ථාව තියනවා. මෙහි ඇති වාසිය නම්, ඔබ ලෝකයේ කොතැනක හිටියාත් වැඩ කිරීමට හැකිවීමයි. ඔබ සිදු කරන සේවාව මත ‌මේ හරහා මුදල් ඉපැයීමට හැකි වෙනවා.

Online Products අලෙවි කිරීම

Make Money While Traveling ක්‍රම ගැන ඔබ හිතනවා නම්, තවත් විශේෂිත ක්‍රමයක් ලෙස Online Products අලෙවි කිරීම හඳුන්වාදෙන්න පුළුවන්.  විවිධ සංචාරයන් අතරතුරේ Online මුදල් උපැයීමට හැකි හොඳම ක්‍රමයක් වන්නේ Online Products අලෙවි කිරීමයි.  මේ සදහා ඔබට විශ්වාසවන්ත Platform එකක් තෝරාගන්න වෙනවා.

Online Products අලෙවි කළ හැකි හොඳම Platform එක ලෙස Daraz හඳුන්වාදෙන්න පුළුවන්. e – commerce හා Online මුදල් ඉපැයීම ගැන උනන්දුවක් දක්වන අයට Darazහි විකුණුම්කරුවෙක් බවට පත්වීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදාකරගත හැකි වෙනවා. Daraz යනු විකුණුම්කරුවන්ට තමන්ගේම Store එකක් හදාගෙන මිලියන 3කට අධික පාරිභෝගිකයන් වෙත ළඟා වීමට ඉඩ සලසාදෙන වේදිකවකි.

Online විකුණුම් Daraz සමඟින් අරඹන්න

Darazහි විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට කිසිඳු ලියාපදිංචි ගාස්තුවක් අය‌ නොකෙරෙන අතර ඔබට කොමිස් මුදලක් ගෙවීමට සිදුවන්නේ Platform එකේ විකුණන විට පමණි.

Darazහි විකුණුම්කරුවෙකු ලෙස සාර්ථක වීමට මෙම කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

  • හොඳම කොලිටියේ නිෂ්පාදන ලැයිස්තුගත කරන්න.
  • පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදෙන්න.
  • Search visibility මත Products Optimize කරන්න.

ඔබේ Online Store එක Darazහි සාදා ගැනීමෙන් ඔබට වැඩි ආදායමක් ඉපැයිය හැකියි.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ගැන දැනගන්න. ලියාපදිංචි කිරීමේ අයඳුම්පත මෙතනින් හෝ Daraz Desktop වෙබ් අඩවියේ ඉහළින් හෝ Daraz App එකේ පහළින් හොයාගන්න පුළුවන්.

  • ඔබේ දුරකථන අංකය ඇතුළත් කර ගිණුමක් සකසන්න. OTP අංකය ලබාගැනීමට දකුණු දෙසට toggle කරන්න.
  • ඔබේ දුරකථන අංකය Verify කරන්න. OTP අංකය ඇතුළත් කරන්න.
  • ‘ගිණුමක් සකසන්න’ Click කරන්න.
  • ඊළඟට ඔබේ ගිණුම Verify කිරීමට Profile, ලිපිනය, හැඳුනුම්පත් අංකය, බැංකු විස්තර වැනි Seller verification තොරතුරු පිරවිය යුතුයි.
  • ඔබේ ගිණුමට නිෂ්පාදන එකතු කර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු පුරවන්න.
  • ඔබේ ගිණුම Verify වූ පසු, ඔබට Darazහි විකුණුම් කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ.

Passive Income Online

Passive Income Online උපයා ගැනීම සංචාර සඳහා ගෙවීම් කටයුතු කිරීමට ඇති හොදම ක්‍රමයක්. Passive Income Online සකසා ගැනීම පහසු දෙයක් නෙවෙයි. Make Passive Income While Traveling කරන්න යම් කාලයක් ගත වෙනවා. මෙහිදී යම් කාලයක් ඔබට ආයෝජනය කරන්න සිදු වෙනවා. ඔබ සංචාරය කරන අතරතුරේ අඩු – වැඩි වශයෙන් ඔබේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරගත හැකියි. කාලයත් සමඟ එය සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. මෙහිදී Drop Shipping වැනි ව්‍යාපාර පිළිබඳ සලකා බලන්න.

Drop Shipping හරහා සාර්ථක වීමට ඉහළ ඉල්ලුමක් තියන නිෂ්පාදන තේරාගත යුතු වෙනවා. මේ සඳහාත් ඔබට Daraz සමඟින් සම්බන්ධ වීමට හැකියාව තියනවා.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම

ඔබට ව්‍යාපාර පිළිබඳ දැනුමක් තිබෙනවා නම් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්.ඔබ ලෝකය පුරා ගමන් කරන සංචාරකයෙක්ද? ඔබට ලෝකය පුරා සංචාරය කරන ගමන් ඔබේම ව්‍යපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය නම් දැන් ඒ සඳහා අවස්ථා තියෙනවා. ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ Online ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. ඔබ කොහේ හිටියාත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කළ හැකි විදියට ව්‍යාපාරය සිදු කරනවා නම් සංචාරය කරන ගමන් ඔබට මුදල් ඉපැයිය හැකියි.  මේ සඳහාත් Daraz වැනි Platform එකක් තෝරාගැනීම වඩාත් සුදුසුයි.

Photo Stocksහි ඡායාරූප අලෙවි කිරීම

විවිධ ස්ථානවල සංචාරය කරද්දි සුන්දර ඡායාරූප ගණනාවක් කැමරා කාචයට හසු වෙන්න පුළුවන්. ඔබ ගන්නා ඡායාරූප ඇතැම් විට තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් විය හැකියි. ඔබේ ඡායාරූප ‌Facebook, Instagram ආදියේ පළ කිරීමෙන් ඔබේ මිතුරන් වෙත ඔබ ගමන් කළ ස්ථාන පිළිබඳ ඡායාරූප බෙදා ගැනීමට හැකි වෙනවා. නමුත්  ඊට එහා ගිය ඇතැම් අයගේ ව්‍යාපාරික අරමුණු සඳහා මෙම ඡායාරූප ඔබට අලෙවි කළ හැකියි. එය Make Money While Traveling සඳහා තවත් එක් ක්‍රමයකි. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවන Platform එකක් (Envato Market, Shutterstock, Fotolia.. ආදිය) මේ සඳහා තෝරාගැනීමෙන් ඔබට පහසුවෙන් මෙම කටයුත්ත කිරීමට ඉඩ ලැබෙනවා. මෙහිදී ඡායාරූපවල කොලිටිය ගැන වැඩියෙන් සැලකිලිමත් වීම අවශ්‍යයි.

වීඩියෝ අලෙවි කිරීම

2020 ඩිජිටල් යුගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. බ්ලොග්, ඡායාරූපවලට අමතරව වීඩියෝ දැන් බොහෝදෙනා අතර ජනප්‍රියයි. සංචාරය කරන අතරතුර වීඩියෝ අලෙවි කිරීම මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක්. ඡායාරූප වගේම වීඩියෝ විශේෂිත Platformවල අලෙවි කළ හැකියි. ඔබ වීඩියෝ නිර්මාණ අලෙවි කරන Platform පිළිබඳත් අධ්‍යයනය කරන්න. මෙහිදී අවශ්‍ය උපකරණ මිලදී ගැනීම, Video Editing පිළිබඳ ඉගෙන ගැනීම ආදියත් ඔබට සිදු කරන්න වෙනවා. Make Money While Traveling සඳහා වීඩියෝ අලෙවි කිරීමත් ඔබට තෝරාගත හැකියි.

මෙහිදී ඔබේම YouTube චැනලයක් ආරම්භ කොට විඩියෝ පළ කිරීමත් තවත් විකල්පයකි.

ඔබේ කුසලතාවලින් ඉගැන්වීම හෝ උපදේශන ලබාදීම

ඔබේ අත්දැකීම් හා පසුබිම අනූව ඔබට උපදේශන වෘත්තියක් මඟින් ආදායමක් ඉපැයිය හැකියි. මෙැවනි උපදේශන සේවා දැන් Online සිදු කරන්න පුළුවන් නිසා ලෝකයේ කොහේ හිටියාත් මෙවැනි වෘත්තියක නියැළෙන්න පුළුවන්. ඔබට වෙනත් පුද්ගලයන් අගය කරන කුසලතා තිබේ නම්, ඔවුන් ඔබේ උපදේශන ලබාගන්න විශාල මුදලක් ගෙවීමට ඉදිරිපත් වෙනවා.  ඒ නිසා ඔබ කොහේ හිටියාත් ලෝකය පුරා සංචාරය කරන ගමන් Online උපදේශන ලබාදී මුදල් ඉපැයීමට අවස්ථාව තියනවා. ඒ වගේම ඔබට තිබෙන දක්ෂතා මත අන් අයට ඉගැන්වීමේ කටයුතුත් සිදු කරන්න පුළුවන්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව වැනි භාෂා ඉගැන්වීමත් ලොව පුරා සංචාරය කරන ගමන් මුදල් ඉපැයිය හැකි සාර්ථක ක්‍රමයක්.

සංචාරය කරන ගමන් මුදල් ඉපැයීම ඔබේ හිතේ තියන හීනයක්ද? මේ විවිධ ක්‍රම මඟින් ඔබට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන්. ඇතැම් විට සංචාරය කිරීම ඔබේ රැකියාව කරගන්නටත් මේ හරහා ඉඩ ලැබෙනවා. ලොව පුරා සංචාරය කරද්දි ඔබට ලැබෙන අත්දැකීම් සියලුදෙනා සමඟින් බෙදාගන්න. මේ අත්දැකීම් බෙදාගන්නා ක්‍රම හරහා ඔබට Make Money While Traveling සඳහාත් අවස්ථාව උදා‌වීම තවත් වාසියක්.

සාර්ථක Online ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද දැනගන්න සාර්ථක ව්‍යාපාරයක් ජයගන්න Online Startup ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php